×

නව අවුරුදු සැඳෑවේ බෝම්බයක් දානවා! – ඇමරිකානු හමුදාවෙන් ට්විටර් පණිවුඩයක්

නව අවුරුදු සන්ධ්‍යාව දිනයේ රාත්තල් තිස් දහසක බෝම්බයක් හෙළන්නට සූදානම් බවට ඇමරිකානු හමුදාවේ එක්සත් හමුදා බලඇණිය විසින් සිදුකළ නිල ට්වීට් පණිවුඩයක් හේතුවෙන් විශාල කලබලයක් ඇති වී තිබේ.


නව අවුරුදු සන්ධ්‍යාව දිනයේ රාත්තල් තිස් දහසක බෝම්බයක් හෙළන්නට සූදානම් බවට ඇමරිකානු හමුදාවේ එක්සත් හමුදා බලඇණිය විසින් සිදුකළ නිල ට්වීට් පණිවුඩයක් හේතුවෙන් විශාල කලබලයක් ඇති වී තිබේ.

මෙම ට්විටර් පණිවුඩය පෝස්ට් කර තිබෙන්නේ එක්සත් හමුදා බලඇණියේ උපාය මාර්ගික ප්‍රධානියා විසිනි. ඒ, ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම යොදාගෙන ය. න්‍යෂ්ටික ආයුධ අත්හදාබැලීම් නැවැත්වීම භාරව සිටින්නේ මෙම ඒකකයයි.

B-2 බෝම්බ ප්‍රහාරක යානා විසින් මෙය සිදුකරන බව ද එහි කියා තිබිණි.

‘‘ටයිම්ස් චතුරස්‍රය සම්ප්‍රදායික විදිහට නව වසර සමරද්දී අප වඩාත් විශාල දෙයක් කිරීමට ලැහැස්තියි.. මේ වීඩියෝව අවසාන වන තෙක් නරඹන්න..“

කෙසේ නමුත් ට්විටර් පණිවුඩය පසුව මකා දමා තිබේ.

ඒ සඳහා සමාව ඉල්ලීම ද ඔවුන් විසින් සිදුකර ඇත. ඒ, පහත අන්දමිනි.

“Our previous NYE tweet was in poor taste & does not reflect our values. We apologize. We are dedicated to the security of America & allies.”

එම වීඩියෝවේ දක්වා තිබෙන්නේ “bunker busters” යනුවෙන් හඳුන්වන ප්‍රහාරක යානාවන් ය. මෙවැනි ට්වීටයක් ඊයේ දිනයේ පළ කළ බව පෙන්ටගනය විසින් ද සහතික කර තිබේ.

විචාරකයන් පවසන්නේ මෙය, ඇමරිකාව තවමත්, ලෝකයේ ලොකුම න්‍යෂ්ටික බලවතා වශයෙන් පවතින බව ලෝකයට සිහි කැඳවීමක් ලෙස යි.

විචාරයකින් තොරව භයානක සහ හාස්‍යජනක ට්වීට් නිතර පළකරන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම්, තවම මේ පිළිබඳ කිසිදු අදහසක් පළ කර නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි