×

2024 දී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තරුණ ලිබරල් නායකයකුට අවස්ථාවක් ලබා දෙයිද?

ඩිමොක්‍රටික් පාක්ෂිකයන් බහුතරයකට තම පක්ෂයට අවශ්‍ය වන්නේ බිඩෙන් මහතා හැර වෙනත් අයෙකු නම් කිරීමයි.


ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා වන අතර පසුගියදා පැවැත් මධ්‍යවාර මැතිවරණයෙන් පසු ඔහුගේ ජනප්‍රියත්වය හීනව ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් ඡන්ද විමසීම්වලින් පෙනී යන්නේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් බහුතරයකට තම පක්ෂයට අවශ්‍ය වන්නේ බිඩෙන් මහතා හැර වෙනත් අයෙකු නම් කිරීමයි. ඒ අනුව නව ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් වන ඩිමොක්‍රටික් පාක්ෂික ශ්‍රේණිගත කිරීම්වල මුල් තැන දිනා ඇතිතේ කමලා හැරිස්ය.


කැලිෆෝනියාවේ නීතිපති ලෙසත් එහි කනිෂ්ඨ එක්සත් ජනපද සෙනෙට් සභික ලෙස සේවය කිරීමට ගිය හිටපු අභිචෝදකයෙකු වන 58 හැවිරිදි ඇය එක්සත් ජනපද ඉතිහාසයේ පළමු කාන්තා,කළු උප ජනාධිපතිවරියයි. මේ වන විට ඇයට දකුණු එක්සත් ජනපද දේශසීමාවේ සංක්‍රමණිකයන් ගලා ඒම ඇතුළු පරිපාලනයේ දුෂ්කරම අමාත්‍යාංශ කිහිපයක් පවරා ඇත.


ගැවින් නිව්සෝම් ද ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර ප්‍රබල තරඟකරුවෙකි. 55 හැවිරිදි ඔහු කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා වන අතර ඔහු ජාතික වශයෙන් 2004 දී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරාධිපතිවරයා ලෙස රාජ්‍ය නීතිය උල්ලංඝනය කරමින් සමලිංගික විවාහ බලපත්‍ර නිකුත් කළ අවස්ථාවේදී විශාල අවධානයක් දිනා ගැනීමට සමත් විය. ඔහු වෘත්තියෙන් වයින් ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුට විශාල වශයෙන් ඩිමොක්‍රටික් පරිත්‍යාගශීලීන්ගේ සහාය ඇත. ඔහු පසුගියදා පැවැති මධ්‍යවාර මැතිවරණය ජයග්‍රහණයෙන් පසු දැන් දෙවන ධුර කාලයට පිවිසෙමින් සිටීයි.


පීට් බුටිගීග් ද 40 හැවිරිදි වියේ පසුවන කෘතහස්ත දේශපාලනඥයෙකි. රෝඩ්ස් ශිෂ්‍යත්වයක් මත ඔක්ස්ෆර්ඩ් වෙත ගොස් ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද නාවික හමුදාවේ සේවය කළ හාවඩ් උපාධිධාරියෙකු වන බුටිගීග් මහතා 2015 දී සමලිංගිකයෙකු ලෙස එළියට පැමිණ ඇත්තේ ඉන්දියානා හි 100,000 ක පමණ ජනගහනයක් සිටින කුඩා කාර්මික නගරයක් වන සවුත් බෙන්ඩ් හි නගරාධිපති ලෙස සේවය කරමින් සිටියදී ය. බුටිගීග් මහතා මේ වන විට ප්‍රධාන යටිතල පහසුකම් ආයෝජන සම්මත කිරීම අධීක්‍ෂණය කරමින් ඇත.


81 හැවිරිදි බර්නි සැන්ඩර්ස් පිළිබඳවද ඡන්දදායකයන් තවමත් විශ්වාසය තබා ඇත. ඔහු නීති සම්පාදකයෙකු වන අතර, ඔහු එක්සත් ජනපදයේ වර්ධනය වෙමින් පවතින වාමාංශික ව්‍යාපාරයක ආලෝකය ලෙස සලකයි. 2020 දී බිඩෙන් මහතාට පිටුපසින් දෙවන ස්ථානයට පත්වෙමින් ඉදිරියට එන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියා මධ්‍යස්ථ සාර්ථකත්වයක් සමඟ පරිපාලන ප්‍රතිපත්තීනට බලපෑම් කරමින් සිටියි.


ප්‍රගතිශීලී වමේ සොඳුරියවන ඔකාසියෝ කෝර්ටෙස් අතිශය ජනප්‍රිය තරුවකි. 35 හැවිරිදි ඇය මෙතෙක් කොන්ග්‍රසයේ සේවය කළ ලාබාලතම කාන්තාවයි. සිලිකන් නිම්නයේ හදවත නියෝජනය කරන රෝ ඛන්නා ප්‍රගතිශීලී ධනවාදියෙක් වන අතර ඇයද ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම සිටියි. නිව් ජර්සි සෙනෙට් සභික 53න් හැවිරිදි කෝරි බුකර්, එක්සත් ජනපදයේ ගබ්සා කිරීමේ අයිතිවාසිකම් අවලංගු කිරීම සම්බන්ධයෙන්ඩකතාබහට පත් වූ මැසචුසෙට්ස් හි සෙනෙට් සභික 73-හැවිරිදි එලිසබෙත් වොරන් මෙහිදී ප්‍රධාන පෙළේ තරඟකරුවන් වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි