×

ඉරාන විදේශ ඇමතිට එරෙහිව ඇමරිකාවෙන් සම්බාධක

ඉරානයේ මෑත ඉතිහාසය තුළ දක්නට ලැබුණු කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාකලාපයට වගකිව යුතු එරට උත්තරීතර නායකයාගේ අභිමානවත් මාධ්‍ය ප්‍රකාශක බවට සරිෆ් පත්ව ඇති බවට ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් සඳහන් කර තිබේ.


ඇමරිකා එක්සත් ජනපදය ඉරානයේ ඉහලම රාජ්‍ය තාන්ත්‍රිකයා වන එරට විදේශ අමාත්‍ය මොහමඩ් ජවාඩ් සරිෆ්ට එරෙහි සම්බාධක පනවා ඇති බවට වාර්තා වේ.

එමඟින් ඇමරිකාවේ සරිෆ් ගේ වත්කම්, හෝ ඇමරිකානු ආයතන විසින් පාලනය කරනු ලබන සියළු වත්කම් අත්හිටුවන බවට ඇමරිකානු රජය පසුගිය බදාදා (31) දින නිවේදනය කරන ලදී.

මෙම සම්බාධක පැනවීම ඔස්සේ සරිෆ් ගේ ජාත්‍යන්තර සංචාරයන් ද අඩාල වනු ඇති බවට එම නිවේදනයේ සඳහන් වේ.

ඉරානයේ මෑත ඉතිහාසය තුළ දක්නට ලැබුණු කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාකලාපයට වගකිව යුතු එරට උත්තරීතර නායකයාගේ අභිමානවත් මාධ්‍ය ප්‍රකාශක බවට සරිෆ් පත්ව ඇති බවට ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් නියුචින් එම නිවේදනයේ සඳහන් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි