×

අන්තවාදය මර්දනයට පොම්පියෝ ප්‍රංශ සහාය පතයි!

මේ පිළිබඳ අදහස් දක්වමින් පොම්පියෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.


එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය ජීන් යිව් ලෙ ඩ්‍රියන් මහතා හමුවී තිබේ.

ඒ, මැද පෙරදිග මතුව පවතින වත්මන් කැළඹිලිකාරී ස්වභාවය පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

දෙපළේ හමුව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.

ඒ අනුව අයිඑස්අයිඑස් සංවිධානය මර්දනය කිරීම හා ඉරානය සමඟ හටගෙන තිබෙන උණුසුම්කාරී වාතාවරණය තුළ යුරෝපා සංගමයේ දායකත්වය පිළිබඳ සාකච්ඡාවට බඳුන් වී තිබේ.

මේ සඳහා එක්සත් ජනපදය හා යුරෝපා සංගමය එක්ව කටයුතු කළ යුතු බවද ඔවුන් සාකච්ඡා කොට තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් පොම්පියෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

එම ට්විටර් පණිවුඩයේ දැක්වූයේ අයිඑස්අයිඑස් සංවිධානය සමඟ සටන් වැදීම හා ඉරානයේ “බිහිසුණු” (malign) ක්‍රියාවලීන් මැඩ පැවැත්වීම පිළිබඳ දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වූ බවයි.

මේ අනුව, එක්සත් ජනපදය මතුව ඇති තත්ත්වය හමුවේ ජාත්‍යන්තර පිහිට පතන බව පසක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි