×

2021 ජනවාරි 6 කැපිටල් ප්‍රහාරය අවතක්සේරු කළ බවට ඇමරිකාවේ බුද්ධි අංශ වලට චෝදනා

කැරැල්ලේදී ට්‍රම්ප්ගේ භූමිකාව සම්බන්ධයෙන් කමිටුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා නිර්දේශ කර ඇත.


2021 ජනවාරි 6 සිදුවීම් විමර්ශනය කළ සෙනෙට් කමිටුවේ ඩිමොක්‍රටික් සභාපති ගැරී පීටර්ස් විසින් ඊයේ(27)දිනයේදී නිකුත් කරන ලද නව වාර්තාවකට අනුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගෙන් ප්‍රචණ්ඩත්වයේ හැකියාව අවතක්සේරු කළ බවටත්, කැපිටල්හි දිග හැරුණු බිහිසුණු ප්‍රහාරය වැළැක්වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට අසමත්වීම හේතුවෙන් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI)ට චෝදනා කර තිබේ.

2020 මැතිවරනයේදී ට්‍රම්ප් විසින් පුලුල්ව පැතිරුනු ඡන්ද වංචාව පිලිබඳව කරන ලද ප්‍රකාශයන් මගින්, අන්ත දක්ෂිනාංශික කණ්ඩායමක් වන Proud Boys විසින් සැලසුම් කිරීම පිළිබඳව FBI වෙත 2020 දෙසැම්බරයේ ලද ඔත්තුව පිළිබඳ සැළකිලිමත් නොවී සමස්ත තර්ජනය අවතක්සේරු කිරීම හේතුවෙන් ජීවිත හානි පවා සිදු වූ බවට ගැරී පීටර්ස්ගේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. එමෙන්ම කැරැල්ලේදී ට්‍රම්ප්ගේ භූමිකාව සම්බන්ධයෙන් කමිටුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා නිර්දේශ කර ඇත.

කැපිටල් ප්‍රහාරයට පෙර සහ අතරතුර Proud Boys සංවිධානයේ ක්‍රියාත්මක වීම සලකා බලා එහි නායකයන් 4දෙනෙකුට එරෙහිව ෆෙඩරල් ජූරි සභාවක් විසින් දේශද්‍රෝහී කුමන්ත්‍රණයට වැරදිකරුවන් බව පසුගිය මාසයේ තීරණය කරනු ලැබීය. එමෙන්ම මෙම කැරැල්ල සම්බන්ධයෙන් තවත් සිය ගණනක් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි