×

ජාතිවාදී කණ්ඩායම් හා සබඳතා පැවැත්වූ ඇමරිකානු විදේශ කටයුතු නිලධාරියකුගේ වැඩ තහනම් කෙරේ

සුදුජාතිවාදය ප්‍රවර්ධනය කරන සංවිධානයක් හා සබඳතා පැවැත්වූ විදේශ කටයුතු නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට ඇමරිකානු රජය පසුගිය බ්‍රහස්පතින්දා (08) දින කටයුතු කර තිබේ.


සුදුජාතිවාදය ප්‍රවර්ධනය කරන සංවිධානයක් හා සබඳතා පැවැත්වූ විදේශ කටයුතු නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට ඇමරිකානු රජය පසුගිය බ්‍රහස්පතින්දා (08) දින කටයුතු කර තිබේ.

එම නිලධාරීගේ අනන්‍යතාව හෙලිදරව් කිරීම ඇමරිකාව ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේවෙතත්, Southern Poverty Law Center (SPLC) නම් රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධානය පවසා සිටියේ මෙම නිලධාරියාගේ නම මැතිව් ගෙබර්ට් බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියි.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, SPLC යනු ඇමරිකාවේ වෛරය හා ජාතිවාදය ප්‍රචාරය කරන සංවිධාන පසුපස හඹා ගොස් නීතිය ඉදිරියට ගෙන එන සිවිල් සංවිධානයකි.

පසුගිය බදාදා (07) දින SPLC සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ගෙබර්ට් තම නිවසේ සුදුජාතිවාදය ප්‍රවර්ධනය කරන හමුවීම් පවත්වා ඇති බවත් අනුනාමයක් ඔස්සේ ඒ පිළිබඳ අන්තර්ජාලයේ ප්‍රචාරක කටයුතු සිදු කර ඇති බවත් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි