×

ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු භටයින් 5400ක් ඉවත් කිරීමේ තීරණයක්!

.


සති 20ක් තුළ ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු භටයින් 5400ක් ඉවත් කර ගැනීම සදහා පියවර ගැනීමේ සූදානමක් සම්බන්ධව දෙරට අතර රාජතාන්ත්‍රික නිළධාරියෙකු වන සල්මේ කලීසාඩ් පවසයි.

ඔහු මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ පසුගියදා පළමු වතාවට මේ සම්බන්ධව රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමිනි. තලේබාන් සංවිධානය සහ ඇමරිකාව අතර සාම සාකච්ඡා කටාර් රාජ්‍යයේදී පැවති අතර මෙය එහිදී පැමිණී එකඟත්වයේ ප්‍රතිඵලයක් බව ඔහු පවසයි.

මෙය ක්‍රියාවට නැංවීම සදහා තවදුරටත් අවශ්‍යව ඇත්තේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය පමණක් බව ඔහු පවසයි.

මේ සම්බන්ධ රූපවාහිනී සාකච්ඡාව ප්‍රචාරණය වන අතරතුරද ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී 16 දෙනෙකු මිය ගොස් 119 තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම ප්‍රහාරය සම්බන්ධ වගකීම තලේබාන් සංවිධෘනය විසින් භාරගෙන ඇති අතර ඔවුන් පවසන්නේ විදෙස් හමුදාව රැදී සිටි ස්ථානයක් ඉල්ක්ක කරමින් ප්‍රහාරය එල්ල කළ බවයි.

ඇෆ්ගනිස්ථානයේ මේ වන විට ඇමරිකානු භටයින් 14000ක් පමණ රැදී සිටින අතර ඒ අතරින් 5400ක් ඉවත් කර ගන්නට නම් තලේබාන් සංවිධානයටද යම් එකගත්වයන් සදහා පැමිණීමට සිදුව තිබේ. ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ගානි පවසන්නේ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ සාමය රැකීමට උත්සහා කරන්නේනම් පමණක් තමන් මේ සදහා සහය වන බවයි. මේ අතර තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන රජයට ඇමරිකානු රූකඩයක් බවට චෝදනා කරයි.

කෙසේ වෙතත් තලේබාන් ප්‍රකාශකයෙකු විසින්ද ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ ඇමරිකාව සමග එවැනි එකගත්වයක් සදහා තමන් පැමිණි බවයි.

1996 වසරේ සිට 2001 දක්වා ඇෆ්ගනිස්ථානයේ පාලනය තලේබාන් සංවිධානය යටතේ පැවති අතර එම කාලය අතර තුර අන්තවාදී ආගමින නීති රීති වලින් ඇප්ගනිස්ථාන සිවිල් වැසියන් පීඩාවට ලක් විය. විශේශයෙන්ම කාන්තාවන් සමබන්ධයෙන් ඉතා දැඩි ප්‍රතිපත්තියක් ඔවුන් විසින් ගෙන යන ලදී.

ඇෆ්ගනිස්ථානයේ යුද්ධය හේතුවෙන් මේ වන විට විදේශීය හමුදා භටයින් 3500කට ආසන්න සංඛ්‍යාවකට ජීවිතය අහිමි වී ඇති අතර ඉන් 2300ක් ඇමරිකානු භටයින් වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙම යුද්ධය හේතුවෙන් සිවික් වැසියන් 32000ක් මිය ගොස් ඇති බවයි. මේ අතර බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වාර්ථාවකට අනුව ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් ආරක්ෂක අංශයේ පිරිස් 58000ක් මිය ගොස් ඇති අතර මිය ගොස් ඇති ත්‍රස්තවාදී සාමාජිකයන් ගණන 42000කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි