×

Covid-19 එන්නත ”mRNA-1273”, පළමු වරට මිනිස් සිරුර තුළ අත්හදා බැලේ

එන්නත නියත ලෙස භාවිත කිරීමට තවත් මාස 18ක්වත් ගත වේ.


නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා හදුන්වාදෙනු ලැබූ එන්නත ප්‍රථම මිනිස් අත්හදා බැලීම ඇමරිකා ඒක්සත් ජනපදයේදී සිදු විය. වොෂිංටන්, සියැටෙල් හී කයිසර් පර්යේෂණ මධ්‍යස්ථානයේදී තෝරාගත් රෝගීන් සදහා මෙම ඒන්නත මූලින්ම ලබා දුන් බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒ්ජන්සිය වාර්ථා කරයි.
විශේෂඥයින් පවසන්නේ මෙම එන්නතෙහි සාර්ථක අසාර්ථකතාව පිළිබද නිශ්චිත තීරණයකට ඒ්මට තවත් මාස ගණනාවක් ගත වනු ඇති බවයි.

මේ පිළබද නිවේදනයක් නිකුත් කරමින් ඇමරීකානු ජාතික සෞඛ්‍ය ආයතනය පවසන්නේ සෞඛ්‍ය සම්පන්න අවුරුදු 18ත් 55ත් අතර රෝගීන් 45 දෙනෙකු සදහා එන්නත මුලින්ම පසුගිය සදුදා ලබා දුන් බවයි. මෙය විවෘත නිරීක්ෂණයන් මත සිදු කෙරෙනු ඇති බවද ඒම ආයතනය නිවේදනය කර ඇත. mRNA-1273 ලෙස නම් කර ඇති මෙම එන්නත ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ (එන්අයිඒඅයිඩී) සහ මැසචුසෙට්ස් හි ජෛව තාක්‍ෂණ සමාගමේ විද්‍යාඥයින් විසින් ඒ්කාබද්ධව සංවර්ධනය කරන ලදී.

Jennifer Haller receives an injection on Monday in Seattle as part of the clinical trial. Photo: AP

මෙම අත්හදා බැලීමේ එන්නත මගින් මිනිස් සිරුරේ සෛල වලට වෛරස් ප්‍රෝටීනයක් නිපදවෙනු ඇති අතර විද්‍යාඥයින් විශ්වාස කරන පරිදි එය කොවිඩ් -19 වලට හේතු වන සාර්ස්-කෝවී -2 වෛරසයට එරෙහිව ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලබා දෙනු ඇත. “එම්ආර්එන්ඒ -1273 එන්නත සත්ව ආදේශක සදහා සාර්ථක ප්‍රතිචාර ලබා දී ඇති අතර එය මිනිසුන් තුළ පරීක්ෂා කරන පළමු අත්හදා බැලීම මෙයයි.
“පළමු සහභාගිවන්නන් සිව්දෙනාට අඩු මාත්‍රාවක් සමඟ එක් එන්නතක් ලැබෙනු ඇති අතර, ඊළඟ සහභාගිවන්නන් සිව්දෙනාට 100mcg මාත්‍රාව ලැබෙනු ඇත,”

එක්සත් රාජධානියේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජෝන් ට්‍රෙගොනිං මහතා පැවසුවේ “මෙම එන්නත පෙර පැවති තාක්‍ෂණයම භාවිතා කරන බවයි.

“ඔව්, මෙය ඉතා වේගවත් – නමුත් එය වෛරසයට එරෙහි තරඟයක් මිස විද්‍යාඥයන් ලෙස එකිනෙකාට එරෙහිව නොවේ. එය සිදු කරනු ලබන්නේ මනුෂ්‍යත්වයේ ප්‍රයෝජනය සඳහා ය.” ඔහු පවසයි.

සරම්ප වැනි වෛරස් සඳහා සාමාන්‍ය එන්නත් නිපදවනු ලබන්නේ දුර්වල කිරීමට හෝ පවතින වෛරසය මරාදැමීමටය . නමුත් mRNA-1273 එන්නත Covid-19 වෛරසය ආශ්‍රයෙන් නිපදවා නැත. ඒ් වෙනුවට සිදුකර ඇත්තේ විද්‍යාගරයක් තුළ නිපදවූ  වෛරසයේ ජාන කොටසක පිටපතක් යොදා ගනිමිනි

මෙය සැබෑ ආසාදනයට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහය වනු ඇත.

ඒනමුත් මෙම මූලික ආරක්‍ෂිත පරීක්ෂණ හොඳින් සිදු වුවද,  එන්නත මහජනයාට ලබා ගැනීමට මාස 18 ක් පමණ ගතවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි