×

ඉරානයට අවි ඔසවන්න ඉඩ තියන්නේ නෑ නෑ මයි! – ඇමරිකාව

පොම්පියෝ ගේ තර්කය වන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පෝෂණය කිරීමට කටයුතු කරන ඉරානය වන් රටකට අවි වෙළඳාමට අවසර ලබා දීම අතිශයින් අනුවණ ක්‍රියාවක් බවයි.


එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (14) දින එක්සත් ජාතීන් අමතමින් ප්‍රකාශ කර සිටියේ ඉරානය වෙත පනවා ඇති ජාත්‍යන්තර අවි තහනම දීර්ඝ කිරීමට ඇමරිකා එක්සත් ජනපදය “සිය උපරිම බලයෙන් කටයුතු කරන” බවයි.

ඉරානය වෙත 2015 වර්ෂයේදී ජාත්‍යන්තර වශයෙන් පැනවූ අවි තහනම එළඹෙන ඔක්තෝබර් මස කල් ඉකුත් වීමට නියමිත ය.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය ඉරානය වෙත පැනවූ අවිතහනම දීර්ඝ කළ යුතුද යන්න පළිබඳ මත විමසුමක් ආරම්භ කොට තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එක්සත් ජනපදය විසිනි.

මෙහිදී ලෝක බලවතුන් වන රුසියාව සහ චීනය විරුද්ධව මතය ප්‍රකාශ කර සිටීමද විශේෂත්වයකි.

ඔස්ට්‍රියාවේ සංචාරයක යෙදී සිටි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර සිටියේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (International Atomic Energy Agency) න්‍යෂ්ඨික මුරකාවල් සඳහා පූර්ණ සහාය ලබා දීමට ඉරානය කටයුතු කළ යුතු බවයි.

කෙසේ වෙතත්, ඉරානයට පැනවූ අවි තහනම දීර්ඝ කිරීමට ක්‍රියා කිරීම සාර්ථක නොවනු ඇති බවට ඇතැම් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ මතයයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉරානය මෙසේ සම්පින්ඩනයට ලක්කිරීම තුළින් ලෝක බලවතුන් අවදානමේ දැමීමට සමත් වනු ඇති බවයි.

පොම්පියෝ ගේ තර්කය වන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පෝෂණය කිරීමට කටයුතු කරන ඉරානය වන් රටකට අවි වෙළඳාමට අවසර ලබා දීම අතිශයින් අනුවණ ක්‍රියාවක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි