×

ඉන්දියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් සිසුන් 12 දෙනෙකු මරුට

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 19.

ලෝකය(අවුට්බවුන් ටුඩේ) : ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ විනෝද චාරිකාවක් අතරතුර වඩෝදර නගරයේ හාර්නි වැවේ බෝට්ටු සවාරියක් යාමේදී බෝට්ටුව පෙරලීමෙන් සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර විපතට පත් ඉතිරි පිරිස සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතියි.

මේ වන විට සිසුන් 18 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන් අසල රෝහලකට ඇතුලත් කර තිබේ. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇසින් දුටුවන් පවසන්නේ බෝට්ටුවේ විශාල ප්‍රමාණයක් යාම හේතුවෙන් ගිලි යන්නට ඇති බවයි.

බොහෝ දෙමාපියන් ආරක්ෂක කබා නොමැතිව ප්‍රමිතීන් උල්ලංඝනය කරමින් තම දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන බවට බලධාරීන්ට, හා පාසලට චෝදනා කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි