×

වෙනිසියුලා අගවිනිසුරු පළා යයි!

ඔහු පවසන පරිදි පැවතුණ මැතිවරණය සාධාරණ සහ නිවැරදි මැතිවරණයක් නොවූ අතර එම මැතිවරණය විරුද්ධ පක්ෂය විසින් වර්ජනය කරන ලදී,


වෙනිසියුලාවේ අග විනිසුරු ක්‍රිස්ටියන් ෂෙර්පා වෙනිසුයුලාව අතහැර ඇමරිකා එක්සත් ජනපදයට පලා ගියේය. ඒ හිටපු ජනපති නිකොලායි මධුරෝ නැවතත් දෙවන වතාවටත් මතභේදකාරී පසු බිමක ජනපති ධූරයට පත් වීමට සිය විරෝධය පල කරමිනි.

ඔහු පවසන පරිදි පැවැතුණ මැතිවරණය සාධාරණ සහ නිවැරදි මැතිවරණයක් නොවූ අතර එම මැතිවරණය විරුද්ධ පක්ෂය විසින් වර්ජනය කරන ලදී,

හිටපු ජනපතිවරයා සිය බලතල අභිබවා අධිකරණයේ කටයුතු වලට ඇගිලි ගසමින් සිටීම ඔහු ප්‍රතික්ෂේප කරමින් සිටී,
පසුගිය ධූර කාලයේදී අගවිනිසුරු වරයා මධුරෝ ජනපතිවරයාට පක්ෂපාතීව අධිකරණයේ ඇතැම් තීන්දු ලබා දී තිබුණද ජනපතිවරයාගේ ක්‍රියාකලාපය මේ වන විට ඔහු ප්‍රතික්ෂේප කරමින් සිටී,
මේ අතර පසු ගියදා කැනඩාව සහ අනෙකුත් ලතින් ඇමරිකානු රටවල් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ නිකොලායි මධුරෝගේ රජය ලෝකය පිළි නොගන්නා බවත් ඔහු ජාතික සභාව වෙත බලය ලබා දිය යුතු බවත්ය

මේ වන විට වෙනිසියුලානු අධිකරනය විසින් ක්‍රිස්ටියක් ෂේර්පාගේ පලා යෑම තහවුරු කර ඇති අතර අධිකරණය චෝදනා කරන්නේ අගවිනිසුරුවරයාට එරෙහිව කාන්තා හිංසනය සම්බන්ධව චෝදනාවක් පැවතීම ඔහුගේ පලා යෑමට හේතුව බවයි.

වෙනිසුයිලාවේ පැවතින ආර්ථික අර්බුධ හේතුවෙන් එක්සත් ජාතීන් පවසන පරිදි මිලියන 3ක් රට හැර ගෝස් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි