×

වියට්නාම රජය සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වසර 6කට සිරගත කරයි

යුරෝපා සංගමය සහ තවත් මානව හිමිකම් සංවිධානයන් හී විරෝධය.


වියට්නාමයේ පරිසර ක්‍රියාකරුවෙකු සහ සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ න්ගුයෙන් අන්
Nguyen Ngoc Anh ට වියට්නාම රජය විසින් වසර 6ක සිර දඩුවම් ලබා දෙන ලදී. ඔහුට එම දඩුවම හිමි වන්නේ රාජ්‍ය විරෝධී ෆේස්බුක් ප්‍රචාරණයේ නියැලුන බවට එල්ල වූ චෝදනා වලට දඩුවම ලෙසිනි.

වියට්නාම රජයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ අදහස් වැපිරවීම, මත පළ කිරීම, ඒ සදහා නිර්මාණය කළ විවිධ පෝස්ට් සහ ප්‍රචාරණ සමාජගත කිරීම ඔහුට විරුද්ධව එල්ල වුන චෝදනාය.

පසු ගිය සැප්තැම්බරයේ ඔහුව අත් අඩංගුවට ගැනුනේ ජූනි මාසයේදී රජයට එරෙහි සාමකාමී විරෝධතාවක් සදහා ජනතාවට එක් වන ලෙස ආරාධනය කරමින් ෆේස්බුක් මාධ්‍ය තුළ පලකළ ආරාධනාවක් හේතුවෙනි.
2016 වසරේ වියට්නාමයේ ප්‍රදෙශ කිහිපයක් ආශ්‍රිත මුහුදට තායිවාන වානේ කම්හලක් විසින් විෂ සහිත අපජලය බැහැර කිරීම සම්බන්ධව සහ මිලියන ගණනක් මස්නු මිය යෑමට හේතු වූ ෆෝර්මෝසා පාරිසරික විනාශයට එරෙහිවද විශාල හඩක් නැගූ න්ගුයෙන් ආන් ට එහිදීද බලධාරීන්ගේ බලපෑම් වලට හසුවන්නට සිදු විය.
කෙසේ වෙතත් මෙවර ඔමුගේ ෆේස්බුක් ප්‍රචාරණය සදහා හිමිවී තිබූ ලයික්ස් ප්‍රමාණය 45000ට වැඩිය.

2017 වසරේ සිට වියට්නාමය රාජ්‍ය විරෝදී ප්‍රචාරණයන් හී යෙදුන සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයන් බ්ලොග්කරුවන් සහ පාරිසරික ගැටළු පිළබද ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

න්ගුයෙන් ආන් සම්බන්ධව වියට්නම රජය විසින් ගෙන ඇති තීරණය පිළබදව යුරෝපා සංගමය ප්‍රකාශනයක් නිකුත කර ඇති අතර එහිදී සාමකාමී අදහස් ප්‍රකාශනයට න්ගුයෙන් ආන්ට ඇති අයිතිය වියට්නාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති බව උපුටා දක්වන ලදී.

ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය මේ සම්බන්ධව පවසන්නේ ඔහු වෙනුවෙන් ලබා දී ඇත්තේ ව්‍යාජ විනිශ්චයක් බවයි.

වියට්නාමය තුළ දිනපතා සමාජමාධ්‍ය භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 55කට ආසන්නය. එමෙන්ම වියට්නාමය යනු සමාජමාධ්‍ය හා වඩාත් බැදී පවතින රාජ්‍යයන් අතරේ සත්වන ස්ථානයේ සිටින රාජ්‍යයි. නමුත් සමාජමාධ්‍ය තුළ පරිශීලකයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව චීනයට සමානවම සීමා කිරීම් වියට්නාම රජය විසින්ද පනවා ඇත. ඒ අනුව වියට් නාමය විසින් පනවා ඇති සීමා කිරීම් අතරේ ඔවුන් විසින් නව සයිබර් නීතියක් හදුන්වා දුන් අතර මෙම වසරේ ජනවාරියේ සිට බලපැවැත්වෙන පරිදි ෆේස්බුක්, ගූගල් සහ අනෙකුත් සමාජ සන්නිවේදන ආයතන විසින් තම වියට්නාම පරිශිලකයන්ගේ දත්ත එරට රාජ්‍ය දත්ත මධ්‍යස්ථානය වෙත ලබා දිය යුතු වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි