×

2018 වසරේ ICC ප්‍රධාන සම්මාන තුනම විරාට් කෝලිට  

ICC ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායකයා ලෙසද ඔහුව නම් කරන ලද අතර මේ සියළු ජයග්‍රහණයන් එක වර දිනා ගත් ලොව ප්‍රථම ක්‍රීඩකයා බවට ඔහු පත්වන්නේය.


ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ අලුත්ම පිටුවක් පෙරළන්නට සමත් වී ඇත.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තනි පුද්ගලයන් සදහා පිරිනමන ප්‍රධාන සම්මාන තුනම දිනා ගනිමිනි.

ඔහු 2018 වසරට අදාලව වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය වන සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය, වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය, වසරේ එක්දින ක්‍රීඩකයාට හිම සම්මානය යන ප්‍රධාන සම්මාන තුනම හිමි කර ගන්නා ලදී.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව මෙම සම්මාන තුනම එක වර දිනා ගත් ලොව ප්‍රථම ක්‍රීජකයා කෝලී නොවුනත් ICC ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායකයා ලෙසද ඔහුව නම් කරන ලද අතර මේ සියළු ජයග්‍රහණයන් එක වර දිනා ගත් ලොව ප්‍රථම ක්‍රීඩකයා බවට ඔහු පත්වන්නේය.

36 දෙනෙකුගෙන් සමන්විත තේරීම් මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් විරාට් කෝලි වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා තෝරා පත්කර ගැනීම ද විශේෂත්වයකි.

කෝලි පසුගිය වසර තුළ ටෙස්ට් තරග 13 කදී ලකුණු 1322 ක් රැස් කරගෙන ඇත්තේ ලකුණු 55.08 ක සාමාන්‍යයක් ද සහිතවයි. එහිදී ඔහු ශතක 5 ක් වාර්තා කරගෙන තිබේ. එක්දින පිටියේද සුපිරි දස්කම් දක්වමින් තරග 14 කදී ලකුණු 1202 ක් වාර්තා කරගෙන ඇත්තේ 133.55 ක සාමාන්‍යයක් සහිතවය. එක්දින පිටියේදී කෝලි 2018 වසර තුළ පමණක් වාර්තා කළ ශතක ප්‍රමාණය 6 කි. එමෙන්ම ඔහු ටෙස්ට් තරග සදහා ලකුණු 1000ක් ලබා ගත් ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙක් වන අතර එක් දින තරග සදහා 1000ක් ලැබූ ක්‍රීඩකයන් තිදෙනාගෙන් අයෙක්ද වෙයි.

2018 වසර අවසන් වනවිට කෝලි එක්දින මෙන්ම ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ පළමු ස්ථානයට පත්ව සිටි අතර ඔහුගේ සුපිරි දස්කම් හේතුවෙන් ඉන්දියාව ටෙස්ට් වර්ගීකරණයේ පළමු ස්ථානය සහ එක්දින වර්ගීකරණයේ දෙවැනි ස්ථානය හිමි කරගෙන සිටී.

වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය, වසරේ එක්දින ක්‍රීඩකයාට හිම සම්මානය
වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන්ටයි.

ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පන්ට් හිමි කරගෙන ඇති අතර ටෙස්ට් තත්වය නොමැති රටවල හොඳම ක්‍රීඩකයා ලෙස ස්කොට්ලන්ත කණ්ඩායමේ කොලම් මැක්ලියොඩ් තේරී පත්ව සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි