×

ට්‍රම්ප් අතහැර කිම් පුටින් ට එක් වෙයිද?

කිම් හා පුටින් සබදතා ශක්තිමත් වේ.


උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනපති වලැදිමියර් පුටින් සිය සබදතා ශක්තිමත් කර ගැනීමට සපථ කර ගන්නා ලදී,
ඒ ඔවුන් දෙදෙනා අතර අද සිදු වූ පළමු හමුවේදීමය. මින් පෙර ඔවුන් එකිනෙකා හමු වී නැත.
නැගෙනහිර රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නුවර ආසන්නයේ පිහිටි දූපතක් වන රුස්කි දූපතේ දී මොවුන් දෙදෙනා අතර හමුව පැවැත්විණ. මේ පිළිබදව රුසියාව පවසන්නේ මෙම නායකයින් දෙදෙන අතර හමුවේදී න්‍යෂ්ටික අවිහරණය, පිළිබදව සාකච්ඡා කරනු ඇති බවයි. මින් පෙර උතුරු කොරියානු නායකයා , ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමගද මේ සම්බන්ධව සාකච්ඡා පැවැත් වූ අතර ඒවා දෙවතාවක් අසාර්ථක විය. පුටින් සමග සාකච්ඡා වලදී කිම් මේ සම්බන්ධවද අවධානය යොමු කරනු ඇත.

පසුගිය වසරේ වියට්නාමයේ හැනෝයි නුවරදී ඇමරිකානු ජනපති සහ කිම් ජොන් උන් අතර පැවති සාකච්ඡා වලදී දෙනොට කිසිදු එකගත්වයකට එන්නට නොහැකි විය.

කිම් ජොන් උන් උතුරු කොරියානු ජනපතිවරයා පුටින් හමුවේදීත් ආර්ථික සම්බාධක ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කරනු ඇත. ලෝක බලවත්නු වන රුසියාව මෙන්ම චීනය සහ ඇමරිකාවටද ප්‍රධාන ලෙසම උතුරු කොරියාවේ න්‍යෂ්ටික ආවි සම්බන්ධව අවධානම් සහිත රාජ්‍යයන් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි