×

ෂි, පුටින්ට රතු පලස් එලයි; BRI සමුළුවේ උණුසුම්ම පිළිගැනීම පුටින්ට

BRI විසින් චීනය ලොව පුරා ආයෝජන සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මුල්‍යමය සහයෝගය ණය සහන හරහා ලබා දෙනු ලබන අතර, එය බොහෝ රටවල සංවර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් ලෙස පැසසුමට ලක්ව ඇත.


චීන ජනධිපති ෂී ජින්පින්ගේ Belt and Road විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන BRI හි 10 වැනි සංවත්සරය අද(18) ඇති උත්කර්ෂවත් ලෙස බිජින්හිදී රටවල් 130 කට වැඩි ගණනක නායකයින් සහ නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

එම සමුළුවේ ගෞරවනීයතම ආරාධිතයා වී ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ය. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ, ජනාධිපති ෂි ජින්පින් රතු පලස් එලමින් රුසියානු ජනාධිපතිවරයා පිළිගනු ලැබූ බවයි.

රුසියානු ජනාධිපතිවරයා පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඔහු සිය රට හැර ගොස් ඇත්තේ කලාතුරකින වන අතර ඔහු වැඩිවන රාජ්‍ය තාන්ත්‍රික හුදකලාවකට මුහුන දී සිටිනවා පමණක් නොව, යුක්‍රේනයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකටද මුහුණ පා ඇත.

චීන ජනාධිපතිවරයා සීමා රහිත මිත්‍රත්වයක් ප්‍රසිද්ධ කර තිබීමත් සමඟ චීනයේදී පුටින් අත්අඩංගුවට ගනු ඇතැයි සිතිය නොහැක. උත්සව සභාවේ දී සිය අදහස් පල කළ රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, ෂි මහතාගේ අතිවිශාල BRI ව්‍යාපෘතියට තමා සහය ලබා දෙන බවට ප්‍රතිඥා වෙන බවත්, එය රුසියානු අදහස්වලට ගැලපෙන බව පවසමින් අපගේ චීන මිතුරන්ගේ ජයග්‍රහණ සඳහා ප්‍රශංසා කළේය.

BRI විසින් චීනය ලොව පුරා ආයෝජන සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මුල්‍යමය සහයෝගය ණය සහන හරහා ලබා දෙනු ලබන අතර, එය බොහෝ රටවල සංවර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් ලෙස පැසසුමට ලක්ව ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි