×

ඉන්දුනීසියාවේ හදිසි සුනාමි තත්ත්වයක් , 62කට වැඩි පිරිසක් මියයයි

හේතුව ලෙස ක්‍රැකටෝවා ගිනිකන්ද පුපුරා යෑමත් සමග ඒ ආසන්න මුහුදු පතුලේ ඇතිවූ නායයෑමක් ලෙස විශ්වාස කෙරේ.


හදිසියේ ඇතිවූ සුනාමි තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියානුවන් 62 දෙනෙකු අවම වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 584 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් තුවාල ලැබීය.

ඉන්දුනීසියාව තුළ මෙවැනි සුනාමි තත්ත්වයක් හදිසියේ ඇතිවීමට හේතුව ලෙස ක්‍රැකටෝවා ගිනිකන්ද පුපුරා යෑමත් සමග ඒ ආසන්න මුහුදු පතුලේ ඇතිවූ නායයෑමක් ලෙස විශ්වාස කෙරේ. එබැවින් එය ගිනිකඳු සුනාමි Volcano tsunami තත්ත්වයක් ලෙස හැදින්වේ.
ඉන්දුනීසියානු අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි සුනාමි තත්ත්වය හේතුවෙන් එරට ගෝඩනැගිලි සිය ගණනකට හානි සිදුව ඇත.

ජාවා සහ සුමාත්‍රා දූපත් දෙක අතර මැද පිහිටි සමුද්‍රසන්ධිය මගින් ජාවා මුහුද ඉන්දියන් සාගරය සමග සම්බන්ධ කෙරේ.
එරට වේලාවෙන් සෙනසුරාා දින රාත්‍රී 9.30ට පමණ ඇති වූ මෙම තත්ත්වය නිසා ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමටද ඉඩ ඇති බව බලධාරීන් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි