×

සරණාගත දැරියන් ගැන මලාලාගෙන් පොතක්

නොබල් සාම සම්මානලාභී මලාලා යුසුෆ්සායි විසින්, ගෝලීය සරණාගත ප්‍රතිපත්තිවල අර්බුදය නිසා අසරණ වූ දැරියන්ගේ කථාන්දර ඇතුළත් ග්‍රන්ථයක් රචනා කර ඇත.


එහි නම “We Are Displaced: My Journey and Stories From Refugee Girls Around the World – ‘‘අපි අවතැන්. මගේ ගමන සහ ලොව පුරා සරණාගත දැරියන්ගේ කථාන්දරය‘ වේ.

එහි, පාකිස්ථානයේ තලෙබාන් අන්තවාදීන් විසින් සිදුකළ හිසට වෙඩි තැබීම හේතුවෙන් මව්බිම හැර දමා පළා ආ ඇගේ ගමන මෙන්ම සමාන්තර කථාන්දර ගණනාවක් අන්තර්ගත වේ.

කොංගෝවේ සිට පළා ආ, දැන් පෙන්සිල්වේනියාවේ ජීවත් වන මරී ක්ලේරේ, ග්වාතමාලාවේ සිට පැමිණ ඇමරිකානු මෙක්සිකෝ අති භයානක දේශසීමාව හරහා මැසචුසෙට්ස් ප්‍රාන්තයට ගිය ඇනලිසා වැනි යුවතියන්ගේ කථාන්දර මෙහි අන්තර්ගත වේ.

‘‘සරණාගතයන් ගැන අසන විට අපට නිතරම අසන්නට ලැබෙන්නේ ඉලක්කම්. අපිට ඒවා ඇසෙනවා. නමුත් ඔවුන්ගේ කථාන්දර අපට ඇසෙන්නේ නැහැ. ඔවුන්ට කියන්නට අවශ්‍ය කුමක්දැයි අපට කිසිදා ඇසෙන්නේ නැහැ. ඔවුන්ගේ සිහින, ඔවුන්ගේ අපේක්ෂා ගැන අපට ඇසෙන්නේ නැහැ.“ යැයි “CBS This Morning” රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් ඇය පැවසුවාය.

මේ වන විට ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍යාවක බවට පත්වී සිටින මලාලා යුසුෆ්සායි පවසන්නේ තමන් ඔවුන් පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරන බවයි.

The Globe and Mail
මලාලා යුසුෆ්සායි|The Globe and Mail

මේ වන විට ඇමරිකානු මධ්‍යම රජය අකර්මණ්‍ය කර තිබෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමරිකානු දේශසීමා තාප්පය පිළිබඳවද මෙම වැඩසටහනේදී ඇගෙන් විමසන ලදී. එවිට මලාලා පැවසුවේ, ‘‘එයින් ඇමරිකාවේ වටිනාකම් නිරූපණය වෙන්නේ නැහැ“ යනුවෙනි. ‘‘ඇමරිකානුවන් විශ්වාස කරන දෙය එයින් නිරූපණය වන්නේ නැහැ. ට්‍රම්ප් සහ අනෙක් දේශපාලකයන් මේ පොත කියවාවි කියා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන් සරණාගත කඳවුරක් වෙත ගොස් ඒ ජනතාව මුණ ගැසිය යුතුයි කියා මම හිතනවා“ යැයි ද මලාලා තවදුරටත් පැවසුවාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි