×

පරිගණක තාක්ෂණය උඩු යටිකුරු කිරීමට සූදානම් වන ක්වොන්ටම් විද්‍යාව

ගූගල් සමාගම නිවේදනය කරන පරිදි ක්වොන්ටම් තාක්ෂණයත් රයිට් සොහොයුරන්ගේ පළමු ගුවන් ගමනට සමාන වූවකි. -



ක්වොන්ටම් තාක්ෂණය!! දිනෙන් දින දියුණුවන තාක්ෂණික ලෝකය තුළ මිනිසාව අද වන තුරුත් පුදුමයට පත කර ඇති කරුණක්  ක්වොන්ටම් තාක්ෂණයයි . 1905 දී ඇල්බට් අයින්ස්ටයින් “ක්වොන්ටම් වාදය” ලොවට ගෙන හැර දැක්වූ අතර අද වන තුරුත් ක්වොන්ටම් තාක්ෂණය යනු මෙයයි යැයි අර්ථ දැක්වීමට කිසිවකුත් සමත් වී නොමැත. නමුත් සියලු දෙනාම නිශ්චයෙන්ම දන්නා  කරුණක් නම් මෙම ක්වොන්ටම් තාක්ෂණයට ලෝකය උඩු යටුකුරු කළැ හැකි බවයි.

 Nature නම් විද්‍යා සඟරාවක සඳහන් පරිදි කැලිෆෝනියාවේ සෙන් බාබරා හි පිහිටි සිලිකන් වැලි Silicon Valley හී පිහිටි  පර්යේෂණාගාරයක 1980 දශකයේ සිට විද්‍යාඥයන්  සිදුකරගෙන ආ ක්වොන්ටම් තාක්ෂණය පිලිබද පර්‍යේෂණයක සන්ධිස්ථානයකට ලඟා විය: එනම් ක්වොන්ටම් පරිගණකයක් සාම්ප්‍රදායික පරිගණක සමඟ කළ නොහැකි කාර්යයක් ඉටු පහසුවෙන් නිම කළේය.

ක්වොන්ටම් යන්ත්‍රයකට නුදුරු දිනකදීම කෘතිම බුද්ධිය වැනි ක්ෂේත්‍රවල විශාල දියුණුවක් ලබා දිය හැකි අතර එම නිසා වඩාත් ප්‍රබල සුපිරි පරිගණක-supercomputers පවා සෙල්ලම් බඩු මෙන් පෙනනු ඇත. වසර 10,000 ට අඩු කාලයකදී සුපිරි පරිගණක සඳහා සම්පූර්ණ කළ නොහැකි ගණනය කිරීමක් සදහා ක්වොන්ටම් තාක්ෂණයෙන් බලගැන්වූ ගූගල් උපාංගයකට ගතවී ඇත්තේ මිනිත්තු 3 ක් හා තත්පර 20 කි.

ගූගල් සමාගම නිවේදනය කරන පරිදි ක්වොන්ටම් තාක්ෂණයත්  රයිට් සොහොයුරන්ගේ පළමු ගුවන් ගමනට සමාන වූවකි. – යම් දෙයක් එහි විභවය සපුරාලීමට වසර ගණනාවකට පෙර වුවද එය සැබවින්ම කළ හැකි බව සාක්ෂි සහිතව පෙන්වාදිය හැකිය. රයිට් සහෝදරයන්ගේ පළමු ගුවන් යානය එතරම් ප්‍රයෝජනවත් එකක් නොවීය. නමුත් එය නිර්මාණය කර ඇත්තේ කරුණක් සනාථ කිරීම සඳහා ය.

කෙසේ වෙතත්, සමහර පර්යේෂකයන් ගූගල්ගේ ජයග්‍රහණය ගැන ඕනෑවට වඩා කලබල නොවන ලෙස දන්වා ඇත්තේ, ක්වොන්ටම් පරිගණකයක් පර්යේෂණාගාරයෙන් පිටතට යාමට පෙර තවත් බොහෝ කටයුතු සම්පූර්ණ කළ යුතුව ඇති නිසාවෙනි. තවද එක් ක්වොන්ටම් පරිගණකයක් තැනීම සඳහා ඩොලර් මිලියන ගණනක් වැය වේ.

මයික්‍රොසොෆ්ට්, ඉන්ටෙල් සහ අයිබීඑම් මෙන්ම ගූගල් ඇතුළු තාක්‍ෂණ කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගම්බොහොමයක් ක්වොන්ටම් පරිගණක තාක්ෂණය තුළ තනතුරක් අත්පත් කර ගැනීම සඳහා තරඟ කරමින් සිටිති. තවද මෙවැනි ධනවාදී ව්‍යාපාර තාක්‍ෂණය ගවේෂණය කිරීමේ අරමුණින් ආරම්භ වන ආරම්භක ව්‍යාපාර-start-ups සඳහා ඩොලර් මිලියන 450 කට වඩා වැඩි මුදලක්  ආයෝජනය කර ඇත. චීනය ජාතික ක්වොන්ටම් විද්‍යාගාරයක් සඳහා ඩොලර් මිලියන 400 ක් වියදම් කරන අතර ඔවුන් මෑත වසරවලදී එක්සත් ජනපදය සතු ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ ක්වොන්ටම් පේටන්ට් බලපත්‍ර  ගොනු කර තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මේ වසරේදී තමන්ගේම ජාතික ක්වොන්ටම් ආරම්භක පියවරක් උදෙසා කරමින් පරිගණක ඇතුළු ක්වොන්ටම් පර්යේෂණ සඳහා ඩොලර් බිලියන 1.2 ක් වැය කරමින් සිටියි.

ක්වොන්ටම් යන්ත්‍රයක් වනාහී ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව නම් භෞතික විද්‍යාවේ එක් කොටසක් පිළිබඳ සියවසකට වැඩි කාලයක් තිස්සේ කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් වන අතර ක්වොන්ටම් පරිගණක සාමාන්‍ය පරිගණකවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වේ.
ක්වොන්ටම්වාදය රඳා පවතින්නේ සමහර වස්තූන්ගේ උප පරමාණුක මට්ටමේදී ක්‍රියාකාරීත්වය හෝ අධික සීතලට නිරාවරණය වන විට ක්‍රියාකාරීත්වය වැනි පුදුම සහගත අවස්ථා මතය. උදාහරණයක් ලෙස ගූගල් සතු ක්වොන්ටම් යන්ත්‍රය තුළ උෂ්ණත්වය යකඩ බිංදුවට වඩා අංශක 460 ක් පමණ සිසිල් වූවාක් මෙනි පවතී.

මීට වසර 20 කට පමණ පෙර ජපානයේ පර්යේෂකයෝ “සුපිරි සන්නායක කියුබිට්” superconducting qubits සොයාගැනීමට සඳහා පුරෝගාමී වූ අතර ක්වොන්‍ටම් තාක්ෂණය නිර්මාණය වන්නේ කියුබිට් qubits මත බව සොයාගන්නා ලදී. ඔවුන්ගේ පරිගණක සාමාන්‍ය පරිගණකයක් මෙන් පෙනෙන්නේ නැත. ඒවා ලෝහ හා ඇඹරුණු වයර් සහිත විශාල සිලින්ඩර වන අතර ඒවා මල නොබැඳෙන වානේ ශීතකරණ වල ගබඩා කර ඇත. සාම්ප්‍රදායික පරිගණක චිපයකට මෙන් යන්ත්‍රයට තොරතුරු යවන අතර ඒ වෙනුවට ප්‍රතිඵල ලෙස ගණනය කිරීම් ලැබෙනු ඇත.

ගූගල් ක්වොන්ටම් පරිගණකය විසින් සිදු කරනු ලබන ගණනය කිරීම සංකීර්ණ ක්වොන්ටම් පද්ධතියක් විශ්වාසදායක විය හැකි බව පෙන්වා දෙයි. එය ජනනය කරන අහඹු සංඛ්‍යා වල ප්‍රායෝගික භාවිතයන් තිබිය හැකි බව සමාගම විශ්වාස කරයි.

“කාලයත් සමඟ පරිගණකයේ තත්ත්වය හා විශ්වාසනීය බව ඉහලයනු ඇති අතර, එහි
ගුප්ත ලේඛන- cryptography වැඩි දියුණු කිරීමට හෝ නව ඖෂධ හෝ ද්‍රව්‍ය සෑදීමට මහෝපකාරීවනු ඇත.” ක්වොන්ටම් පරිගණකකරණය පිළිබඳ විශේෂඥයෙකු වන දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙල් ලිඩාර් පැවසීය.

ක්වොන්ටම් යන්ත්‍ර මගින් විසඳිය හැකි වාණිජමය ගැටළු මිනිසාට ඇතිවීම තව කෙටි කලකින් ආරම්භවනු නියතය; ඒ වෙනුවෙන් ක්වොන්ටම් පරිගණකයන් සැදී පැහැදී සිටීමට සූදානම් කිරීම වැදගත්‍ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි