×

රොනා­ල්ඩෝට මොකද වුණේ..?

පෘතු­ගාල නායක 39 හැවි­රිදි රොනාල්ඩෝ කනට අත තබා ක්‍රීඩා ලෝලීන්ට සංඥා­වක් කිරීම වර­දක් බව සවුදි අරාබි පාපන්දු සම්මේ­ල­නය කළ පරී­ක්ෂ­ණ­ය­කදී තහ­වු­රුවී තිබේ.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය දා සවුදි අරා­බියේ ප්‍රෝ පාපන්දු ලීගයේ අල්-ෂබාබ්ට එරෙහි තර­ගය ජය­ග්‍ර­හ­ණය කිරී­මෙන් පසු ප්‍රේක්‍ෂ­ක­යන් කුපි­ත­වන සේ අභි­නය පෑමෙන් වර­දක් කළ බවට තහ­වුරු වූ අල් නසාර් ක්‍රීඩා සමා­ජ­යට ක්‍රීඩා කරන ඉදිරි පෙළ ක්‍රීඩක ක්‍රිස්ටි­යානෝ රොනා­ල්ඩෝට තරග තහ­න­මක් සමඟ සවුදි රියාල් 30,000ක (ශ්‍රී ලංකා රුපි­යල් ලක්ෂ 25ක) දඩ­යක් නියම කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පෘතු­ගාල නායක 39 හැවි­රිදි රොනාල්ඩෝ කනට අත තබා ක්‍රීඩා ලෝලීන්ට සංඥා­වක් කිරීම වර­දක් බව සවුදි අරාබි පාපන්දු සම්මේ­ල­නය කළ පරී­ක්ෂ­ණ­ය­කදී තහ­වු­රුවී තිබේ. සවුදි අරාබි පාපන්දු සම්මේ­ලන විනය හා ආචාර ධර්ම කමි­ටුව පැව­සුවේ මේ තීර­ණ­යට එරෙ­හිව රොනා­ල්ඩෝට අභි­යා­චනා කළ නොහැකි බවයි.

රොනාල්ඩෝ 2022 දෙසැ­ම්බර් මාස­යේදී මැන්චෙ­ස්ටර් යුන­යි­ටඩ් පිලෙන් ඉවත්වී අල් නසාර් ක්‍රීඩා සමා­ජ­යට එක්වූයේ ඉති­හා­සයේ විශා­ල­තම පාපන්දු වැටුප සඳ­හාය. ඔහු මේ වාරයේ ලීග් තරග 22කදී ගෝල 20ක් රැස් කර ඇති බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි