×

ඊශ්‍රායලය පලස්තීන ජාතිකයන්ට කරන්න යන දේ!

මෙම පිරිස නිදහස් කෙරෙන්නේ, හමාස් සංවිධානය රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 40 දෙනෙකු වෙනුවෙන් හුවමාරු කර ගැනීම සඳහා බව සඳහන් වේ.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් පලස්තීන ජාතිකයන් 700කට අධික පිරිසක් නිදහස් කිරීමට සූදානම් වන බව ව්‍රට මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස නිදහස් කෙරෙන්නේ, හමාස් සංවිධානය රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 40 දෙනෙකු වෙනුවෙන් හුවමාරු කර ගැනීම සඳහා බව සඳහන් වේ.

හමාස් සංවිධානය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැති අතර, මෙය සාර්ථක වුවහොත් එය ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඇති විය හැකි සටන් විරාම ගිවිසුමේ කොටසක් ද වනු ඇත.

ඊශ්‍රායල පලස්තීන ගැටුම් ඇති වී දැනට මාස 5ක් පමණ කාලයක් ගත වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි