×

WhatsApp දත්ත leak ​වේ

මෙම තත්වය පදනම් කරගෙන Meta සමාගම විසින් අනෙකුත් පරිශීලකයන්ට පවසා සිටින්නේ නොදන්නා අංකවලින් ලැබෙන පණිවිඩ සහ ඇමතුම් පිලිබදව ප්‍රවේසම් වන ලෙසයි.


නොවැම්බර් 16 වන දින පුද්ගලයෙකු විසින් ප්‍රසිද්ධ Hacking Community Forum එකක පල කල Post එකක් සමගින් WhatsApp හී පරිශීලක ගිණුම් මිලියන 487 ක දත්ත විකුණන බව වාර්තා විය.

මෙම දත්ත රටවල් 84ක WhatsApp පරිශීලක දත්තවලින් යුතු බවට ද වාර්තා වන අතර ඒ තුල එක්සත් ජනපද පරිශීලක වාර්තා මිලියන 32 කට අධික ප්‍රමාණයක් ඇතුළත් කර ඇති බවත් තවද, ඊජිප්තුව දත්ත මිලියන 45ක්, ඉතාලිය දත්ත මිලියන 35ක්, සෞදි අරාබිය දත්ත මිලියන 29ක්, ප්‍රංශය දත්ත මිලියන 20ක්, තුර්කිය දත්ත මිලියන 20ක් ලෙසින් දත්ත මේ සඳහා ඇතුළත් වන බවත් එම Post එකෙහි සඳහන් කර තිබේ.

තවද ඒ තුල රුසියානු දුරකථන අංක මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් සහ එක්සත් රාජධානියේ (UK) පුරවැසියන්ගේ දුරකථන අංක මිලියන 11 කට වඩා ඇති බවටද වාර්තා වේ.

මෙම තත්වය පදනම් කරගෙන Meta සමාගම විසින් අනෙකුත් පරිශීලකයන්ට පවසා සිටින්නේ නොදන්නා අංකවලින් ලැබෙන පණිවිඩ සහ ඇමතුම් පිලිබදව ප්‍රවේසම් වන ලෙසයි.

තවද දත්ත විකුණුම්කරුවන් Cybernewsහි පර්යේෂකයන් සමග බෙදා ගත දත්ත සමුහයක UK පරිශීලක අංක 1097ක් සහ US පරිශීලක අංක 817ක්ද වූ අතර ඒවා Whatsapp අංක බවටද තහවුරු කරනු ලැබීය. මෙහෙදී දත්ත විකුණුම්කරු ඔවුන් දත්ත ලබා ගත් ආකාරය කෙසේදැයි කිසිදු ආකාරයකින් සඳහන් කර නොමැත.

Source: Cyber News



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි