×

Whatsapp පණිවුඩ මකා දැමීමට මිනිත්තු 68ක් වෙනුවට දැන් දින 2ක්…

පරිශීලකයන්ට හැකි වුයේ යම් පණිවිඩයක් යවා මිනිත්තු 68ක් ඇතුළත Delete කිරිමේ හැකියාව පමණයි.


Whatsapp යනු ලෝකයේ විශාල වශයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට භාවිත වන ප්‍රධාන සමාජ ජාලාවන්වලින් එකක් වන අතර මෙහි භාවිතයේ පහසුව නිසා අද වන විට ලොවපුරා ජනප්‍රියතම Messaging App එක බවට Whatsapp පත්ව තිබේ.

Whatsapp ඔස්සේ යවන ලද පණිවිඩයක් යවන්නා සහ ලබන්නා යන දෙදෙනාගේම දුරකතන වලින් මකා දැමීම සඳහා හදුන්වා දී ඇති “Delete For Everyone” පහසුකම එය හදුන්වා දින් සමයේ සිටම විශාල ලෙස ජනප්‍රසාදයට ලක් විය.

කෙසේ වෙතත් එහිදි පරිශීලකයන්ට හැකි වුයේ යම් පණිවිඩයක් යවා මිනිත්තු 68ක් ඇතුළත Delete කිරිමේ හැකියාව පමණයි.

නමුත් පසුගියදා WhatsApp නිල Twitter ගිණුම ඔස්සේ සදහන් කර ඇත්තේ පසුගිය​ 09 වනදා සිට යවන්නා සහ ලබන්නා යන දෙදෙනාගෙන්ම Delete කිරීමට ඇති “Delete For Everyone” පහසුකම භාවිත කිරිමට ලබාදී තිබු මිනිත්තු 68 කාලය, දින දෙකක් දක්වා දිර්ඝ කිරිමට ඔවුන් කටයුතු කර ඇති බවයි.

ඒ අනුව ගතවු පැය 48 නැත්තම් දින දෙක තුල යැවු යවන්නා සහ ලබන්නා යන දෙදෙනාගෙන්ම Delete කිරිමට අවශ්‍ය පණිවිඩ Delete කිරිමේ හැකියාව ලැ​බේ.

SOURCE: THE VERGE



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි