×

“ඇතැමෙකුට මෙය දරුණු ලෙස බලපානු ඇත්ද? ඔව්. නමුත් අපේ රට විවෘත කළ යුතුය; ඉක්මනින් කළ යුතුය.” – ට්‍රම්ප්

බැල්ටිමෝර්හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදයේ මේ වන විට කොරොන වෛරස් ආසාදිතයන් මිලියන 1.2 ක් සහ ඒ හා සම්බන්ධ මරණ 70,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට අයත් කොරෝනා කාර්ය සාධක බලකාය අත්හිටුවා විසුරුවා හරින බව ප්‍රකාශ කර ඇති අතර උප ජනාධිපති මයික් පෙන්ස් යෝජනා කර ඇත්තේ එය සති කිහිපයකින් විසුරුවා හැරිය හැකි බවයි.

ඇරිසෝනා හි මුඛ ආවරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ගිය අවස්ථාවේදී ට්‍රම්ප් කියාසිටියේ “අපි අපේ රට ආපසු ගෙන එනවා.” යන්නයි.

ධවල මන්දිරයේ සිරවී සිට සති කිහිපයකට පසු ෆීනික්ස් බලාගාරයට ගිය ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට මෙසේ පැවසීය: “මයික් පෙන්ස් සහ කාර්ය සාධක බලකාය විශාල වැඩ කොටසක් කර ඇත, නමුත් අපි දැන් ටිකක් වෙනස් ආකාරයක් දෙස බලමු, එනම් ආරක්ෂා සහිතව රට විවෘත කිරීම වේ. ඒ සඳහා අපට වෙනත් කණ්ඩායමක් පිහිටවනු ඇත.” සංචාරයේ දී ආරක්ෂක කණ්නාඩි පමණක් පැළඳ සිටි ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ මේවන විට කොරෝනා නිශේදනය කිරීමේ මෙහෙයුම අවසන්ද යන්නයි, නමුත් ඔහු පිළිතුරු දුන්නේ නැත යනුවෙනි.

“සමහර පුද්ගලයින්ට මෙය දරුණු ලෙස බලපානු ඇත්ද? ඔව්. නමුත් අපට අපේ රට විවෘත කළ යුතු අතර එය ඉක්මනින් කළ යුතුය.”

එක්සත් ජනපදයේ දිනකට නව තහවුරු කරන ලද ආසාදන 20,000 ක් වන අතර දෛනික මරණ 1000 ඉක්මවයි. ව්‍යාපාර නැවත විවෘත කිරීමට පටන් ගැනීමත් සමඟ වෛරසය පැතිර යා හැකි බවට එක්සත් ජනපද සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇත.

බැල්ටිමෝර්හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදයේ මේ වන විට කොරොනා වෛරස් ආසාදිතයන් මිලියන 1.2 ක් සහ මරණ 70,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි