×

රිකූට අභය දානය

දුර්ලභ ගණයේ සුදු ව්‍යාඝ්‍රෙයකුගේ ප්‍රහාරයකින් සත්ත්වෝද්‍යාන සේවකයකු මරුට!


ජපානයේ හිරකාවා සත්ත්වෝද්‍යානයේ සිටි සුදු ව්‍යාඝ්‍රෙයකුගේ ප්‍රහාරයකට ලක් වීමෙන් එහි සේවකයකු ජීවිතක්ෂයට පත් විණ. ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ 40 හැවිරිදි අකිරා ෆුරුෂො නැමැති අයෙකි. පහරදීම කර තිබෙන්නේ සත්ත්වෝද්‍යානයේ සිටි මීටර 1.8ක් දිගැති රාත්තල් 374ක් පමණ බරැති රිකූ නමැති සුදු ව්‍යාඝ්‍රයායි. පවිත්‍ර කිරීමට රිකූගේ කූඩුවට පිවිසි අවස්ථාවේදී අකිරා මෙම අනතුරට මුහුණ පාන්නට ඇතැයි කියා සැක කෙරේ.

කොටියන්/ව්‍යාඝ්‍රයන් සිටින කූඩුවලට සත්ත්වෝද්‍යාන සේවකයන් පිවිසෙන විට එම කූඩුවලින් කොටියන් ඉවත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එවැනි ක්‍රමයක් අනුගමනය කළේ නම් අකිරා, රිකූගේ පහරදීමට මැදි වූයේ කෙසේද යන්න ගැටලුවකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි. පරීක්ෂණ අවසන් වනතුරු රිකූගේ කූඩුව ආශ්‍රිත ප්‍රදේශයට කිසිවකුට ඇතුළුවන්නට ඉඩ නොදී ඇති බව සඳහන් වේ

REUTERS

REUTERS

මේ අතර අනතුර සිදු කළ අවස්ථාවේදීම රිකූව සන්සුන් කිරීමට ඌට ඖෂධ ලබා දී ඇත. එසේ වුවත් රිකූ ව මරා නොදමන ලෙස අකිරාගේ ඥාතීහු සත්ත්වෝද්‍යාන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සුදු ව්‍යාඝ්‍රයන් ඉතාමත් දුර්ලභ බව පැවසේ. අද වනවිට මිහිමත සිටින්නේ සුදු කොටින් ඉතාමත් සීමිත සංඛ්‍යාවකි. ඔවුන් සියල්ලම සත්ත්වෝද්‍යාන තුළ සිටින බව සඳහන් වේ. මිනිසුන් භාරයේ සිටියද මේ ජීවීන්ගෙන් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය ආබාධවලින් පීඩා විඳිති.

ස්වභාවික පරිසරයක ජීවත්වුණු අවසන් සුදු ව්‍යාඝ්‍රයා 1958 වසරේදී වෙඩි තබා ඝාතනය කෙරිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි