×

පණපිටින් විකුණන කැලෑ සතුන්ගේ මස් වෙළඳාම වහාම අත්හිටුවන්න! – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි ඉල්ලීමක්

පණපිටින් විකුණන කැලෑ සතුන්ගේ මස් වෙළඳාම් කිරීම වහාම අත්හිටුවීම හෝ අඩු කිරීම සිදුකරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛ ගෝලීය සෞඛ්‍ය සංවිධාන දැඩි ඉල්ලීමක් කරයි.


ලෝකයේ බොහෝ රටවල කැලෑ සතුන් මස් පිණිස පණපිටින් විකිණීම සිදුකරන අතර, ඒ සඳහාම ආවේණික වෙළඳපොළ ද තිබේ. ඒවා හැඳින්වෙන්නේ ‘වෙට් මාකට්‘ (“wet markets”) යනුවෙනි.

කෝවිඩ්-19 ගෝලීය වසංගතයට මග පෑදූ කොරෝනා වෛරසය මුලින්ම හමුවූයේ චීනයේ වුහාන් පළාතේ මෙවැනි වෙට් මාකට් එකකිනි.

කෙසේ වෙතත්, මෙවැනි සම්ප්‍රදායික වෙළඳපොළ මගින් ග්‍රාමීය සහ කඳුකර පළාත්වල ජනතාවගේ ජීවනෝපායන්ට සහ ආර්ථිකයන්ට විශාල තල්ලුවක් ලබා දෙයි. ඒ නිසා මෙම වෙළඳපොළ තහනම් කිරීම මගින් ඔවුන්ගේ ජීවනෝපායන්ට සහ ජීවිතවල විශාල බලපෑමක් එල්ල වනු ඇත.

නමුත් පණ පිටින් මස් සඳහා විකුණන කැලෑ සතුන් තුළ මිනිසාට අහිතකර වෛරස හෝ විෂබීජ අඩංගුදැයි පරීක්ෂා කිරීම කළ නොහැකි දෙයකි. තවද මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි නොවෙල් වෛරස (නව වෛරස)වලින් 70%ක්ම පවතින්නේ මෙම සතුන් තුළ ය.

ඒ අනුව කෝවිඩ්-19 ඇතුළු ඉදිරියේදී ද හටගැනීමට ඉඩ ඇති නව ගෝලීය වසංගත සහ සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැකි රෝගාබාධ නතර කර ගැනීම සඳහා මෙම පියවර ගත යුතු බව අවධාරණය කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), සත්ව සෞඛ්‍යය සඳහා වූ ලෝක සංවිධානය (OIE) සහ එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP) විසින් මේ වන විට මෙයට අදාළ තාවකාලික මාර්ගෝපදේශනයන් ද නිකුත් කර තිබේ.

මූලාශ්‍රය –
UN News : WHO and partners urge countries to halt sales of wild mammals at food markets



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි