×

කවුද දැන් ලොව ධනවත්ම කාන්තාවන් ?

ඇමසන් හිමිකරු ජෙෆ් බොසෙස් ගේ දික්කසාදය සමග ලොව ධනවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුව වෙනස් වේ.


පසුගිය කාලය පුරා වැඩිම වශයෙන් ලෝකය තුළ සාකච්ඡාවට ලත් වූ කරුණක් වූයේ ලොව ධනවත්ම මිනිසා ජෙෆ් බෙසොස් ඔහුගේ බිරිදගෙන් දික්කසාදවීමට ගත් තීරණයි. ඔවුන්ගේ වෙන්වීමත් සමග ලොව ධනවත්ම කාන්තාවන් ගේ ලැයිස්තුව වෙනස් වන බවට බොහෝ දෙනාගේ අනුමානය විය.
එම අනුමානය නිවැරදි කරමින් ඔහුගේ බිරිය වූ මැකෙන්සි බෙසෝස් ලොව ධනවත්ම කාන්තාවන් ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත් විය.

ඒ ඇය ඇමසන් කොටස් අතරින් සියයට 4ක් එනම් ඩොලර් බිලියන 35.6කට හිමිකම් කියන්නට පටන් ගැනීමත් සමගිනි. නමුත් ධනවත් කාන්තාවන් ලයිස්තුවේ සිටින අනෙක් කාන්තාවන් කවුද?

1- ෆ්‍රැන්කොයිස් බෙටන්කෝර්ට්

ෆෝර්බ්ස් සගරාවට අනුව ඇයට අයත් ධනය ඩොලර් බිලියන 49.3කි. ඈ ලොව ධනවත්ම කාන්තාව වන අතර ලෙව ධනවත්ම පුද්ගලයන් අතරේ 15 වැනියාය.
සුප්‍රසිද්ධ L’Oréal සුවද විළවුන් සහ රූපලාවන්‍ය සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයකට උරුමක්කාරිය වන ඇය 65වන වියේ පසුවන්නීය. පසුගියදා මිය ගිය සිය මවගේ ධනයටද උරුමකම් කියන්නීය.

2- ඇලිස් වොල්ටන්


ලෝකයේ ධනවත් ලැයිස්තුවේ 17 වන ස්ථානයේ සිටින ඇලිස් වොල්ටන් 69 හැවිරිදිය. ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි සන්නාමයක් වන වෝල්මාර්ට් හී හිමිකරු සෑම් වොල්ටන් ගේ දියණය වන ඇය ඩොලර් බිලියන 44.4ක හිමිකාරියයි. කෙසේ වෙතත් ඇය වැඩි නැඹුරුවක් දක්වන්නේ ව්‍යාපාර වලට නොව කලා කටයුතු වලටයි.

3- මැකෙන්සි බෙසොස්


ඩොලර් බිලියන 35.6ක හිමිකාරිය වන ඇය දරුවන් සිවු දෙනෙකුගේ මවකි. ඇමර්සන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් හා 1993 දී විවහා වූ ඇය අමර්සන් හී මුල් කාලීන් සේවිකාවකි.
මැකෙන්සි ටට්ල් ලෙස උපත ලද ඇය ප්‍රබන්ධාත්මක රචනාවන් කිහිපයක්ම රචනා කර ඇත.


4- ජැකලීන් මාර්ස්


ඇමරිකානු බිලියන 23.9කට හිමිකාරීත්වය දරන ඇය ලොව ධනවතුන් ලැයිස්තුවේ 33වන ස්ථානයේ සිටී.
79 හැවිරිදි ඇය ලොව විශාලතම රස කැවිලි නිෂ්පාදන ආයතනය වන ”මාර්ස්” හී කොටස්කාරියකි. මේ වන විට ව්‍යාපාර කටුයුතු වලට වඩා සමාජසේවිකාවක ලෙස කටයුතු කරන ඇය වසර 20ක් තිස්සේ ඉතා ක්‍රියාශීලීව මාර්ස් හී දියුණුවට කටුයුතු කළාය. මාර්ස් යන් ලොව සත්ව ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයාද වෙයි.

5- යාන් හුයියාන්


චීනයේ ධනවත්ම කාන්ව ඇයයිත ඩොලර් බිලියන 22.1ක ධනයට හිමිකාරීත්වය දරණ ඇය 37 හැවිරිදිය. Country Garden නම් චීන සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක මිහිකාරිය වන ඇය ඔහියෝ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි. සිය ධනයෙන් වැඩි කොටසක් ඇයට ලැබුණේ පියා සතුව තිබූ ධනයෙනි.

6- සුසාන් ක්ලැටන්


ලොව 46 වන ධනවතා වන ඇයගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 21කි. 56 හැවිරිදි ඇය ජර්මනියේ ඖෂධ සහ වාහන ව්‍යාපාර අතර ප්‍රමුඛ වෙයි. BMW හී සියයට 50කට අධික කොටස් ප්‍රමාණයකට ඇය හා සොයුරිය හිමිකම් කියයි.

7- ලොරේන් පවෙල් ජොබ්ස්


ඇපල් සමාගමේ ආරම්භකයා ස්ටීව් ජොබ්ස්ගේ බිරියයි. වන ඇය ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 54 වන ස්ථානයේ සිටී, ඇගේ ධනය ඩොලර් බිලියන 18.6කි. සිය සැමියා මිය යන විට ඇපල් සහ ඩිස්නි සමාගම් වල බිලියන 20ක කොටස් ඈට හිමි විය.
පසුගිය වසරේදී ඇය ඩොලර් මිලියන 16ක් වැය කරමින් ගෝල්ඩන් ගේට් පාලම පසෙකෙින් පෙනෙන ලෙස ඉදිකළ නිවසක් මිලදී ගන්නා ලදී.
ඇය සමාජ සේවාවන් රැසක නියැළෙන්නියකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි