×

”test, test, test” ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සියළු රජයන්ට හදිසි පණිවිඩයක්

"සියලු රටවලට සැක සහිත සිද්ධීන් පරීක්ෂා කිරීමට හැකි විය යුතුය. ඔවුන්ට මෙම වසංගතයට ඇස් පියාගෙන සටන් කළ නොහැක."


 

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොරොන වයිරස් වසංගතය “අපේ කාලයේ ගෝලීය සෞඛ්‍ය අර්බුදය ලෙස නිර්වචන කර ඇත් අතර COVID-19 ආසාධිත යැයි සැක සහිත සියලුම සිද්ධීන් පරීක්ෂා කරන ලෙස සියළු රටවල්වලින් ඉල්ලා සිටියි.

අපට සෑම රටකම රජයන් වෙත පණිවිඩයක් තිබේ. ”test, test, test” පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න… ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සඳුදා ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

“සියලු රටවලට සැක සහිත සිද්ධීන් පරීක්ෂා කිරීමට හැකි විය යුතුය. ඔවුන්ට මෙම වසංගතයට ඇස් පියාගෙන සටන් කළ නොහැක.”

මේ වන විට මෙම වසංගතය හේතුවෙන් එක්සත් ජනපදය හා යුරෝපය, ආසියාව සහ මැදපෙරදිග රටවල් අතර පාසල්, විනෝදාස්වාද ස්ථාන සහ අත්‍යවශ්‍ය සේවාවන් හැර අන් සියල්ලම වසා දමා ඇත.

මේ හේතුවෙන් මිනිසුන්ගේ සංචලනය මැඩපැවැත්වීම සඳහා රජයන් සියළුම සංචාර සීමා කර ඇති අතර පිලිපීනය මුළු ලූසොන් දූපතම වසා දමා ඇත. මැලේසියාව මාර්තු 18 සිට සමස්ත රටම වසා දමනු ඇත.
මේ වන විට වෛරසය මිනිසුන් 168,000 කට වඩා ආසාදනය කර ඇති අතර අවම වශයෙන් 6,610 ක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි