×

ඇයි අපි දුප්පත්? රටක් දියුණු වන්නේ කොහොමද?

සිතන්නට යමක්.


දුප්පත් රටවල් (උෟන සංවර්ධිත රටවල්) සහ ධනවත් රටවල් (සංවර්ධිත රටවල්) අතර වෙනස කුමක්ද?

පහත දැක්වෙන්නේ නොබෝදා අන්තර්ජාලය ඔස්සේ සංසරණය වූ, ඒ ගැන සරල බසින් කළ කදිම විග්‍රහයක්.

දුප්පත් රටවල් සහ පොහොසත් රටවල් අතර වෙනස, රටක ශිෂ්ටාචාරයක් කොතරම් පැරණිද යන සාධකයෙන් පමණක් මනින්නට බැහැ.

ඒ බවට උදාහරණ බොහොමයි.

උදාහරණයක් වශයෙන් කියනවා නම්, පුරාන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට නිජබිම් වූ ඉන්දියාව. මිසර ශිෂ්ටාචාරයට පදනම වූ ඊජිප්තුව යනාදී වශයෙන් ලැයිස්තුවක් දිය හැකියි. නමුත් ඊජිප්තුව, එහෙමත් නැතිනම් පුරාණ මිසරය උදාහරණයට ගනිමු. ඊජිප්තුවට වසර 2000 ක ඉතිහාසයක් තිබෙනවා. නමුත් ඊජිප්තුව දියුණු රටක් නොවෙයි.

අනෙක් අතට කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ වයස අවුරුදු 150කට වඩා වැඩි නැහැ. නමුත් ඒවා අද වන විට සැලකෙන්නේ සංවර්ධිත සහ ධනවත් රටවල් විදිහටයි.

  • ස්වභාවික සම්පත්
    දුප්පත් සහ පොහොසත් රටවල වෙනස, ඒ රටේ තිබෙන ස්වභාවික සම්පත් මත රඳා පවතින්නේත් නැහැ.

හොඳම උදාහරණය, ජපානය. ජපානයෙන් 80% ක් වන කඳුකරය, කෘෂිකාර්මික හෝ වගා කටයුතුවලට නුසුදුසු භූමි භාගයක්. නමුත් අද වන විට ලෝකයේ 2 වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ ජපානයයි. ජපානය හරියට පාවෙන නිෂ්පාදන කම්හලක් වගෙයි. එය මුළු ලෝකයෙන්ම අමුද්‍රව්‍ය ආනයනය කරනවා. ඒවායින් විවිධ නිෂ්පාදන සිදුකර අනර්ඝ නිමි ද්‍රව්‍ය ලෝකයටම අපනයනය කරනවා.

දෙවන උදාහරණය ස්විට්සර්ලන්තය. ස්විට්සර්ලන්තයේ කොකෝවා වැවෙන්නේ නැහැ. නමුත් ලෝකයේ අංක එකේ චොක්ලට් නිෂ්පාදකයා ස්විට්සර්ලන්තයයි. ස්විට්සර්ලන්තයේ දේශගුණය අනුව එහි වගාවන් කළ හැක්කේ අවුරුද්දකට මාස 4 ක් පමණයි. නමුත් ලෝකයේ හොඳම කිරි නිෂ්පාදනවලට තවමත් නම් දරාපු රට ස්විට්සර්ලන්තයයි. ලෝක බැංකුවට අනුව එය ලෝකයේ ආරක්ෂිතම ආර්ථිකය හිමි රටක්.

  • තීරණ ගන්නන්ගේ බුද්ධි මට්ටම

ධනවත් සහ දුප්පත් රටවල තීරණ ගන්නන්ගේ බුද්ධි මට්ටම් සැලකිල්ලට ගතහොත්, ඒවා අතරත් ලොකු වෙනසක්, පරතරයක් නැහැ.

  • වාර්ගිකත්වය හෝ සමේ පැහැය

රටක ජීවත් වන ජනතාවගේ වාර්ගිකත්වයෙන් හෝ සමේ පැහැයෙන් ඒ රටක දියුණුව මනින්නට බැහැ. උදාහරණයක් විදිහට මෑත කාලීන ලෝක ඉතිහාසයේ ඇති වූ සංක්‍රමණික ප්‍රවණතාවත් සමග, උතුරු යුරෝපියානු රටවල හොඳම ශ්‍රම බලකායන් තැනී තිබෙන්නේ සංක්‍රමණිකයන්ගෙන්.

එහෙම නම් කුමක්ද වෙනස?

මේ වෙනස ඇතිවන්නේ ජනතාවගේ ආකල්පවලින්. එය තමයි, රහස. ඒ ආකල්පමය වෙනස ඇති කරන්නේ වසර ගණනාවක් මුළුල්ලේ රටක මුල් බැසගන්නා අධ්‍යාපනය හා සංස්කෘතිය මගින්.

සංවර්ධිත සහ/හෝ පොහොසත් රටවල ජනතාවගේ හැසිරීම් දෙස බලන විට සමාජ විද්‍යාඥයන් ඔවුන්ගෙන් බහුතරයේ ජීවන ප්‍රතිපත්ති ලෙස පහත කරුණු 9 හඳුනා ගන්නවා.

  1. ආචාර ධර්ම – මේවා ජන ජීවිතයේ මූලික මූලධර්ම බවට පත්ව තිබෙනවා. ඔවුන් ස්වභාවයෙන්ම අල්ලස, දූෂණයට අකමැතියි. ඔවුන්ගේ රුධිරගත ව මේ අකමැත්ත, මදිපුංචි කමක් මෙන් බද්ධ වී තිබෙනවා.
  2. සමගිය
  3. වගකීම – එනම් තනි පුද්ගල වගකීම හා සාමූහික වගකීම
  4. නීතියට ගරු කිරීම
  5. වැඩ කරන්නට ආසා කිරීම – මෙය ඔවුන්ගේ ජීවිතවලට බද්ධ වී තිබෙනවා.
  6. අන්‍යයන්ට ගරු කිරීම
  7. ඉතිරි කරන්නට සහ ආයෝජනය කරන්නට උත්සාහ දැරීම
  8. හැම විටම ප්‍රතිඵලදායක යමක් කිරීමට දක්වන කැමැත්ත
  9. නියමිත වේලාවට වැඩ කිරීම හෙවත් වැඩ කල් නොදැමීම

සාමාන්‍යෙයන් දුප්පත් රටවල මේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ සුළුතරයක් පමණයි.

නිගමනය

ඔබේ රට දුප්පත් වී තිබනේනේ එහි ස්වභාවික සම්පත් අඩු නිසා නොවෙයි. රටේ බුද්ධිමතුන් හිඟ නිසාත් නොවෙයි. සොබාදහම විටින් විට අපට කුරිරු ලෙස සලකන නිසාත් නොවෙයි.
අප දුප්පත්, අපේ ආකල්පවල ඇති වරදක් නිසයි.

අපි ආදර්ශමත් ජාතීන් අනුගමනය කරන්නේ අඩුවෙන්. අපි දියුණු රටවලින් ආදර්ශ ලබාගන්නේ අඩුවෙන්. සරලව කිව්වොත් අපි එයට කැමති නැහැ.

අප දුප්පත් ව සිටින්නේ අපට හැම දෙයකින්ම- හැම කෙනෙකුගෙන්ම වාසි ලබාගැනීමේ මානසිකත්වයක් තිබෙනා නිසයි.

දැනදැනම වැරදි කළත්, නොදන්නා සේ සිටීටම ප්‍රිය කරන නිසයි.

ධෛර්යමත් මතකයක් සහ ආකල්පයක් අප තුළ නැති නිසයි.

මේ තත්වය වෙනස් කරගන්නා තාක් අප සිටින තත්වය වෙනස් වන්නේ නැහැ.

සැබෑ වෙනස ඇති වන්නේ අප තුළින්මයි. අප, රටක් වශයෙන් සහ මුලින්ම තනි පුද්ගලයන් වශයෙන් නිවැරදි දේ කරමින් වෙනස් වන්නට උත්සාහ කරන්නේ නම් පමණයි…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි