×

WiFi 6 කරළියට!

WiFi Alliance ආයතනය වෙතින් WiFi හි අලුත් version එකක් 2019 සැප්තැම්බර් 16 දින නිලවශයෙන් එළිදැක්වීම සිදු කෙරුණි.


WiFi Alliance ආයතනය  වෙතින්  WiFi හි අලුත් version එකක් 2019 සැප්තැම්බර් 16 දින නිලවශයෙන් එළිදැක්වීම සිදු කෙරුණි. මෙම නව version WiFi 6 නොහොත් WiFi 802.11ax ලෙස නම් කර ඇත.

WiFi 6 තාක්ෂණය පසුගිය දශකය තුල  WiFi තාක්ෂණයේ සිදුවුණු විශාලතම දියුණුව වගේම  WiFi තාක්ෂණයේ නව යුගයක ආරම්භය සනිටුහන් කිරීමක් ලෙස හැදින්වීමට පුලුවන.  එමෙන්ම මෙම WiFi 6 හරහා WiFi සේවා සපයන ආයතන සඳහා වැඩි ජාල ධාරිතාවක් (network capacity) සැපයීම වගේම පාරිභෝගිකයන් හට ඉතාමත් ඉහල ක්‍රියාකාරීත්වයක් සහිත අන්තර්ජාල පහසුකම් සැපයීම සිදු වේ. WiFi 6 හරහා smart homes වල භාවිතා කරන ක්‍රියාකාරීතවයෙන් අඩු  උපාංග වල සිට කාර්මික මට්ටමේ උපරිමයක් දක්වා වැඩිදියුණු කිරීමටත් ඉතාමත් පහසුවෙන් සම්බන්ධ වෙන්න හැකියාව ලබා දීමටත් හැකි වනු ඇත.

WiFi 5 වලට සාපේක්ෂව WiFi 6 වල  අධිවේගී අන්තර්ජාල සබදතාවක් පවත්වා ගන්නට හා ජාලයට අලුත් උපාංග සම්බන්ද වීමේදී සිදුවන ප්‍රමාදය -latency අවම කිරීමට අවශ්‍ය සියලුම නව්‍යකරණයන් ඇතුලත් කරල ඇත. එමෙන්ම WiFi 6 හී කාර්යක්ෂමතාව මෙතරම් වැඩි වෙන්න ප්‍රධාන හේතුව විදියට දක්වා ඇත්තේ මෙහි භාවිතා කරන OFDM (orthogonal frequency-division multiplexing) තාක්ෂණයයි.  මේ මගින් ජාලයෙහි interference හා crosstalk නම් ශක්තිහාරකයන් අඩු කිරීමට විවිධ සංඛාත සහිත චැනල භාවිතා කරමින් දත්ත ගලනය (data stream) කොටස් වලට වෙන් කිරීම සිදු වේ. මේ නිසාවෙන් WiFi 6 වලදී  ඉහළ ජාල කාර්‍යක්ෂමතාවක්  හා අවම ජාල ප්‍රමාදයක් සහිතව uplink හා downlink traffic වලදී ඕනෑම ඉහල ඉල්ලුමකින් යුතු සැපයුමක් ලබාගැනීමේ හැකියාව ලැබේ.

මීට අමතරව ජාලය තුළ එකවර පරිශීලකයක් වැඩි ප්‍රමානයකට භාවිතා කිරීමේ හැකියාව වැඩි කිරීමට භාවිතා කරන Multi-user MIMO තාක්ෂණය, ඉතාමත් ඉහල ගුණාත්මක ප්‍රතිදානයක් ලබාදීමට 1024-QAM තාක්ෂණය මෙන්ම IoT වගේ power-sensitive උපාංග වල බැටරි ධාරිතාව ආරක්ෂා කරන target wait time තාක්ෂණය වැනි නව තාක්ෂණික ක්‍රමෝපායන් යොදාගනිමින්  WiFi 6 තාක්ෂණය සකසා තිබේ.

WiFi 6 භාවිතා කිරීමට නම් ඒ අදාළ උපාංගය   WPA3 නම් නවතම ආරක්ෂක සම්මතයන් ට අනුකූල වියයුතුය. WPA3 නම්; අප දැනට භාවිතා කරන WPA2 ආරක්ෂක සම්මතය ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින WiFi ආරක්ෂක සම්මතයකි. උදාහරණයක් ලෙස WPA3 සහය උපාංග පොදු  WiFi ජාලයක් public WiFi network තුළදී communication encryption ක්‍රමවේදයක් භාවිතා කිරීම සිදු වේ. මීට අමතරව WiFi password crack කරන brute force attacks සැලකිය හැකි මට්ටමට අවම කිරීමක් ද සිදු වේ. මේ නිසා WiFi 6 මගින් පොදු සහ නිවස ආශ්‍රිත WiFi ජාලයකදී  WiFi 5 වලට වඩා වැඩි ආරක්ෂාවක් සහිතව අන්තර්ජාලය භාවිතා කිරීමට අවස්ථව සැලසෙයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ අපට ඉදිරියේදී වඩා ඵලදායි හා වේගවත් අන්තර්ජාල අත්දැකීමක් විදීමේ අවස්ථාවක් ලබා දීමට  WiFi 6 තාක්ෂණයකට හැකි වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි