රුසියාවේ ඈත පෙරදිග සයිබීරියානු වනාන්තරයක ඉපැරණි මැන්චූරියානු සරු ගසක් වැළඳ ගන්නා ඉතාමත් පැහැදිලිව සිය සිතේ සැහැල්ලුව මුහුණින් කියා පාන අමූර් ව්‍යාඝ්‍ර දෙනකගේ දසුනක් ලෝකයේ වඩාත්ම කීර්තිමත් ඡායාරූප ත්‍යාගයන් අතරින් එකක් වන වසරේ විශිෂ්ඨතම වනජීවී ඡායාරූපයට හිමි ජයග්‍රහණය ලබා ගන්නා ලදී .
රුසියානු ඡයාරූප ශිල්පී සර්ජි ගොර්ෂ්කෝව් 2020 වසරේ විශිෂ්ඨතම වනජීවී ඡායාරූපයේ හිමිකරුවා බවට පත් විය.
අමූර් ව්‍යාඝ්‍රයයින් වාසය කරන මිහිපිට ඇති එකම ස්ථානය ලෙස හදුනාගෙන ඇති රුසියාවේ ඈත පෙරදිග වනාන්තරයකදී ඔහුගේ කැමරා ඇසට මෙම දසුන හසුව ඇත්තේ මාස 11ක් පුරා ඔහු විසින් දැරූ උත්සහයක ප්‍රතිඵලයක් ලෙසිනි.
එක්සත් රාජධානියේ Natural History Museum හීදී ප්‍රදර්ශනය කෙරුණ මෙම තරගය සදහා ඡායාරූප 50 000කට ආසන්න සංඛ්‍යාවක් තෝරාගෙන තිබූ බව වාර්ථා විය.
ඉන් ජයග්‍රාහකයා වූ සර්ජි ගොර්ෂ්කොව් ගේ මෙම ඡායාරූපයෙහි ඇති විශේෂත්වය පැහැදිලි කළ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානී රෝස් කිඩ්මන් කොක්ස් පවසන්නේ මෙම ඡායාරූපය වෙනත් කිසිදු දර්ශනයක නොවන ඉන්ද්‍රජාලික වනාන්තරයක ගැඹුරු සමීප මොහොතක අද්විතීය දසුනක්, .” ගෙනහැර පාන බවයි.
පෞරාණික මැන්චීරියානු වෘක්ෂය වැළද ගන්නා මෙම ව්‍යාඝ්‍ර දේනුව එහි සුවඳ ආඝ්‍රහණය කරමින් සිය ආදරයේ මතකය ලෙස ඇගේ ස්පර්ෂයේ සළකුණ වෘක්ෂය මත සටහන් කරනු ලබන අයුරු සැබවින්ම ආකර්ෂණීය වෙයි.
අමූර් ව්‍යාඝ්‍රයින් මෙන්ම මෙම මැන්චූරියානු වෘක්ෂද ලෝකයේ ඉතාමත් දුර්ලබ ස්වභාවික වස්තූන් ද්විත්වයකි. අද වන විට මුළු මහත් ලෝකයටම සිටින අමූර් ව්‍යාඝ්‍රයින් සංඛ්‍යාව 500කටත් අඩුය. ඒ් මිනිසුන් විසින් ඔවුන්ව අධික ලෙස දඩයම් කිරීමේ විපාකයක් ලෙසිනි.