×

මෝටර් රථයක් පදික වේදිකාවට කඩා වැදීමෙන් කාන්තාවක් මරු තුරුළට!

මැල්වර්න්හි පදික වේදිකාවක ගමන් ගත් පදිකයින් හය දෙනෙකු මෝටර් රථයක ගැටීමෙන් එහි සිටි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ එම කාන්තාව තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් අඟහරුවාදා දහවල් පසු වී ටික වේලාවකට පසු මැල්වර්න්හි පල්ලිය වීදියේ පදික වේදිකාවේ මෙම […]


මැල්වර්න්හි පදික වේදිකාවක ගමන් ගත් පදිකයින් හය දෙනෙකු මෝටර් රථයක ගැටීමෙන් එහි සිටි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ එම කාන්තාව තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් අඟහරුවාදා දහවල් පසු වී ටික වේලාවකට පසු මැල්වර්න්හි පල්ලිය වීදියේ පදික වේදිකාවේ මෙම අනතුර සිදුවිය.

“ජීවිතයට තර්ජනයක් නොවන” තුවාල සහිතව පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගතව සිටින බව බටහිර මර්සියා පොලිසිය පවසයි. තවත් තිදෙනෙකු සුළුතුවාල ලබා ඇති අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවීය.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි