×

වොන්ඩර් වුමන් ඇගේ පරම හැතිරිය චීටා හමුවට!

පෙරේදා නිකුත්වූ දෙවන පූර්ව ප්‍රචාරක පටය ඔස්සේ බොහෝ කරුණු පිළිබද ඉඟි ප්‍රේක්ෂකයා වෙත ලබා දී ඇත. ඩයනාගේ පෙම්වතා වන ස්ටීව් ට්‍රෙවර් (ක්‍රිස් පයින්) ගේ නැවත පැමිණීම සහ දුෂ්ට මැක්ස්වෙල් සාමිවරයා (පේද්‍රෝ පැස්කල්) සහ ක්‍රිස්ටන් වීග්ගේ චරිතය වන බාබරා මිනර්වා අපගේ වීරවරියගේ මිතුරෙකු ලෙස ආරම්භයේදී පෙනෙන්නට තිබුණත් අවසානයේදී අපට දැකගත හැකි වන්නේ ඇය වොන්ඩර් වුමන්ගේ පරම හැතිරිය නපුරු චීටා බවට පත්වන බවයි.


පළමු වොන්ඩර් වුමන් චිත්‍රපටය 2017 ජුනි මාසයේදී තිරගත වූ විට එය එවකට පැවති සියලු වාර්තාවක්ම පාහේ බිඳ දැමීමට සමත් විය. ප්‍රදර්ශනය ආරම්භ වූ පලමු සති අන්තයේම ඩොලර් මිලියන 223 ක ආකර්ෂණීය ආදායමක් උපයා ගැනීමට එය සමත් විය.

එසේ ලද ප්‍රතිචාර හා ජනප්‍රියතාව නිසාවෙනුයි Wonder Woman 1984 චිත්‍රපටය එළිදැක්වීමට සූදානම් වන්නේ.

පැටී ජෙන්කින්ස් විසින් අප්‍රේල් 30 වන දින ගැඩොට්ගේ උපන්දිනයට සුභ පතමින් වොන්ඩර් වුමන් 1984 චිත්‍රපටයහි ඡායාරූපයක් ට්විටර් හි හුවමාරු කර ගනිමින් චිත්‍රපටයේ පෙනුම හා ස්වරූපය පිළිබදව ඉඟි කළාය . “මගේ දර්ශනීය, ඇදහිය නොහැකි, විස්මිත, ලස්සන, ආදරණීය, බලවත්, හාස්‍යජනක හා බිය උපදවන මිතුරියකට සහ සගයාට සුබ උපන්දිනයක්” ඇය ලියා තිබේ. “වචන වලට වඩා මම ඔබට ආදරෙයි. සුභ උපන්දිනයක් @GalGadot #WW1984. ”

2019 දෙසැම්බරයේ දී, චිත්‍රපටයේ නිර්මාතෲන් විසින් 80 දශකයේ විලාසිතා ස්වරූපයකින් යුත් ප්‍රධාන චරිතවල නව පෝස්ටර් හතරක් ද නිකුත් කරන ලදී.

පසුගියදා නිකුත්වූ එහි දෙවන පූර්ව ප්‍රචාරක පටයත් සමඟ නැවතත් වොන්ඩර් වුමන් හා ඩී සී රසිකයන් අවදි වී සිටියි. ඔව්න් බලා සිටින්නේ එළබෙන ඔක්තෝබර් 02 දිනය පැමිණෙන තෙක් ය. එනම් 2020 වසරේ ජුනි 5 දින එළිදැක්වීමට නියමිතව තිබූ, නමුත් කොරෝනා වෛරසය නිසා කල්දමුණු Wonder Woman 1984 චිත්‍රපටයේ එළි දැක්වීම ඔක්තෝබර් 02 සිදු වේ.

පෙරේදා නිකුත්වූ දෙවන පූර්ව ප්‍රචාරක පටය ඔස්සේ බොහෝ කරුණු පිළිබද ඉඟි ප්‍රේක්ෂකයා වෙත ලබා දී ඇත. ඩයනාගේ පෙම්වතා වන ස්ටීව් ට්‍රෙවර් (ක්‍රිස් පයින්) ගේ නැවත පැමිණීම සහ දුෂ්ට මැක්ස්වෙල් සාමිවරයා (පේද්‍රෝ පැස්කල්) සහ ක්‍රිස්ටන් වීග්ගේ චරිතය වන බාබරා මිනර්වා අපගේ වීරවරියගේ මිතුරෙකු ලෙස ආරම්භයේදී පෙනෙන්නට තිබුණත් අවසානයේදී අපට දැකගත හැකි වන්නේ ඇය වොන්ඩර් වුමන්ගේ පරම හැතිරිය නපුරු චීටා බවට පත්වන බවයි.

[embedyt]https://youtu.be/XW2E2Fnh52w[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි