×

චීනය සහ ඉන්දියාව නිසා ලෝකයේ මධ්‍යසාර පරිභෝජනය ඉහළට

'' අහිතකර මධ්‍යසාර භාවිතය ලෝකය තුළ අවම කිරීමට රජයන් විසින් ගන්නා උත්සහයන් සාර්ථක නොවනු ඇත''


මීට දශක තුනකට පෙර පැවති තත්ත්වයට වඩා ලෝකයේ මධ්‍යසාර භාවිතය ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ඒ පිළිබදව සිදු කරන ලද වාර්ථා පෙන්වා දෙයි. ජර්මනියේ මනෝ විද්‍යා දම භෞත චිකිත්සාව සම්බන්ධ අධ්‍යාපන ආයතනයෙහි පර්යේෂකයෙක් වූ ජාකෝබ් මන්තේ විසින් මෙම සමීක්ෂණ වාර්ථාව ඉදිරිපත් කර ඇත‍

මේ අතර මධ්‍යසාර භාවිතය එලෙස වැඩි වීමට මූලික වූ රටවල් දෙකක් මෙම වාර්ථා මගින් පෙන්වා දී ඇති අතර චීනය හා ඉන්දියාවයි. මෙම සීග්‍ර වැඩිවීමට වැඩි දායකත්වයක් සපයා ඇත්තේ මෙම රටවල් දෙක විසිනි.

මේ වන වන විට පවතින ඒක පුද්ගල මත්පැන් භාවිතය තවත් දශකයකින් 17% ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇති අතර 1990ත් 2017 අතර කාලය තුළ ලෝකයේ ඒක ප්‍රද්ගල මත් පැන් භාවිතය 10%කින් වැඩි වී ඇත.
2030 වසරේදී ලෝකයේ වැඩි හිටියන් සංඛ්‍යාවෙන් හරි අඩත් මධ්‍යසාර පානය කරනු ඇත. ඒ අතරින් හතරෙන් එකක් මසකට වරක් හෝ මධ්‍යසාර පානය කරනු ඇත. මෙම වාර්ථාව සදහා රටවල් 189ක් ‍තුළ මධ්‍යසාර භාවිතය පිළබදව අවධානය යොමුකර තිබිණි.

” අහිතකර මධ්‍යසාර භාවිතය ලෝකය තුළ අවම කිරීමට රජයන් විසින් ගන්නා උත්සහයන් සාර්ථක නොවනු ඇත”

මෙම වාර්ථාව ඉදිරිපත් කළ සමීක්ෂකයින් ගේ අදහස එයයි.
ඔවුන් පවසන පරිදි බදු ඉහළ දැමීම ප්‍රචාරණය හෝ ප්‍රචාරණයන් තහනම් කිරීම ආදී එක් උපායක් හෝ මගින් මධ්‍යසාර භාවිතය අවම කළ නොහැකි වෙයි.
ගෝලීය මධ්‍යසාර භාවිතය හේතුවෙන් මුහුණ දී ඇති තත්ත්වයන් පිළිබදව අවධානය යොමු කිරීමේදී පිරිමින් මිලියන 237 සහ කාන්තාවන් මිලියන 46ක් මධ්‍යසාර භාවිතය අශ්‍රිත රෝග තත්ත්වයන් හේතුවෙන් පීඩා විදියි. එහි වැඩිම අගයක් ඇත්තේ යුරොපයේය එය 15%ක් සහ 3.5%ක් වෙයි.

1990 වසරට පෙර මධ්‍යසාර පරිභෝජනය ඉහළ මට්ටමේ පැවතියේ වැඩි ආදායමක් පවතින රටවලය. වැඩිම මධ්‍යසාර පරිභොජනය කරන කලාපය වූයේ යුරෝපයයි. නමුත් මේ වන විට පෙර පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. ඒත් සමග විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපයේ මධ්‍යසාර පරිභොජනය සැළකිය ලෙස අඩුවී ඇති අතර චීනය, ඉන්දියාව හා වියට්නාමය ප්‍රධානකොට ගත් මධ්‍යම මට්ටමේ ආදායමක් ඇති රටවල මධ්‍යසාර භාවිතය සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී.
2017 වසරේ වයස අවුරුදු 15 හෝ ඊට වැඩි වයස් සහිත පුද්ගලයන් යුරෝපයේ සහ උතුරු ඇමරිකානු රටවල මධ්‍යසාර පරිභෝජනය කඵ අතර අද වන විට එම තත්ත්වය ලෝකයේ අනෙක් රටවල්වලද දැකිය හැකිය. උදාහරණයක් ලෙස ප්‍රංශයේ පුරුෂයින් විසින් ලීටර් 19 ක් සාන්ද්‍ර මධ්‍යසාර පානය කරන අතර ඊට සාපේක්ෂව කාන්තාවන් ලීටර් 6ට අඩුවෙන් භාවිත කරයි.

2017 වාර්ථා වලට අනුව චීනයේ පුරුෂයින් සාන්ද්‍ර මධ්‍යසාර ලීටර් 11ට වඩා පානය කරන අතර ඒවා බොහෝ විට බියර් හෝ ස්ප්‍රිතු වර්ගයි. කාන්තාවන් පානය කරන්නේ ලීටර් තුනක් පමණි. එය ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යසාර පරිභොජනයට වඩා අඩු අගයකි. නමුත් 1990 වසරේ සිට බලන විට 70% වැඩි වීමකි.

2030 වන විට චීනයේ වැඩිහිටියන් සාමාන්‍ය ලෙස මධ්‍යසාර ලීටර් 10ක් පානය කරන විටි ඇමරිකානු මධ්‍යසාර පරිභොජනය ලීටර් 9.5 දක්වා අඩු වනු ඇත. එමෙන්ම මධ්‍යසාර පරිභෝජනය කරන ජනගහණයද චීනයේ 77%ක් දක්වා ඉහළ යනු ඇති අතර ඇමරිකාවේ ජනගහණයෙන් 73% මධ්‍යසාර පරිභෝජනය කරයි.(එක් වතාවක් හෝ,)

මේ අතර ඉන්දියාවේ සමස්ත ජනගහණයෙන් මධ්‍යසාර භාවිත කරන්නේ අඩු ප්‍රමාණයකි. එනම් සියයට 40% පමණ ප්‍රමාණයකි. නමුත් සාමාන්‍යයෙන් ඉන්දියානුවෙක් 2017 වසර වන විට වසරකට ලීටර් 6කට වඩා අඩුවෙන් මධ්‍යසාර භාවිත කළ අතර එය 1999 පැයකි ප්‍රමාණය මෙන් දෙගුණයකි. නමුත් එම තත්ත්වය 2030 වන විට 50% වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි