×

හිටිහැටියේ ඉල්ලා අස් වූ ලෝක බැංකු සභාපති

පුරා වසර 6 ක් ලෝක බැංකු සභාපති වශයෙන් කටයුතු කරන ජිම් යොන්ග් කිම් (Jim Yong Kim) පෙබරවාරි 1 වැනිදා තමන් ඉල්ලා අස්වන බව හදිසියේම ප්‍රකාශ කර තිබේ.


ඒ, ඔහුගේ ධුර කාලය අවසන් වීමට තව වසර 3 ක් තිබියදී ය.

ධුරයෙන් ඉවත් වීමෙන් පසු ජිම් යොන්ග් කිම්, සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් ආයෝජන කෙරෙහි කැපවීමට නියමිත බව ලෝක බැංකුව පවසයි.

කෙසේ නමුත් මෙම ඉල්ලා අස්වීම සඳහා කිසිදු හේතුවක් ඔහු විසින් දක්වා නැත. නමුත් ඔහු දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ස්ථාවරය නිසා අප්‍රකටව ට්‍රම්ප් සමග ගැටුම් ඇතිකරගත් අයෙක් ලෙස ප්‍රකට ය.

වසර 2022 වන තෙක් මෙම ධුරය දැරීමට නියමිතව සිටි ඔහු පස් වසරක ධුර කාලයක් සඳහා දෙවන වර පත් කරනු ලැබුවේ 2017 වසරේදී ය.

1947 වසරේදී ලෝක බැංකුව ස්ථාපිත කරනු ලැබුවේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ය. යුරෝපියානුවන් විසින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) මෙහෙයවමින් සිටි අතර ලෝක බැංකුව ‘ඇමරිකානුවන්ගේ ලෝක බැංකුව‘ විය. මේ දීර්ඝ කාලය තුළ ද ලෝක බැංකුවේ ඇමරිකානු ආධිපත්‍යය එලෙසින්ම පැවතුණු බව විචාරකයෝ කියති.

ට්‍රම්ප් සමග ගැටුම

ජිම් යොන්ග් කිම් ලෝක බැංකු සභාපතිවරයා, ට්‍රම්ප් සමග ප්‍රසිද්ධියේ ගැටුම් ඇති කර නොගත්තද, ප්‍රතිපත්තිමය වශයෙන් ට්‍රම්ප්ගේ දේශගුණික විපර්යාස වැඩසටහන සමග ගැටුම් ඇති කර ගත්තෙකි. පරිසරයට විශාල විනාශයක් කරමින් සිටින ට්‍රම්ප්ගේ ගල් අඟුරු බලශක්ති වැඩසටහන වෙත ලෝක බැංකුව සිය සහයෝගය දැක්වීම නතර කර දැමුවේ ජිම් යොන්ග් කිම්ගේ උපදෙස් අනුව ය. ට්‍රම්ප්, ඇමරිකාවේ ගල් අඟුරු කර්මාන්තය සමාලෝචනය කිරීමේ පොරොන්දුව කඩ කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් මෙසේ කරන ලදී.

මේ අතර, අප්‍රේල් මාසයේදී චීනයට ගෙවිය යුතු ණය මුදල් සම්බන්ධයෙන් ද ට්‍රම්ප්ගෙන් ලෝක බැංකු ප්‍රධානියාට විශාල බලපෑමක් සිදුකෙරිණි. එවර ඩොලර් බිලියන 13 ක ප්‍රාග්ධනයක් සුරක්ෂිත කර ගැනීම සඳහා ට්‍රම්ප්ගේ බලපෑම මත ලෝක බැංකුව සිය ණය දීමේ ව්‍යූහය ද වෙනස් කළේය.

මීළඟ ලෝක බැංකු ප්‍රධානියා කවුද?

59 හැවිරිදි වත්මන් ලෝක බැංකු සභාපතිවරයා කොරියානු සම්භවයක් සහිත ඇමරිකානු ජාතිකයෙකි. එසේම ඔහු වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීය පුහුණුව ලද අයෙක් විය. ඔහුව නම් කරනු ලැබුවේ ඔබාමා පරිපාලනය විසිනි. ඔහු සමග නාම යෝජනා ලැබූ අනෙක් දෙදෙනා කොලොම්බියානු සහ නයිජීරියානු ජාතිකයෝ වූහ.

ජිම් යොන්ග් කිම් ව 2018 ෆෝබ්ස් ලැයිස්තුව විසින් ලෝකයේ වඩාත්ම බලවත් පුද්ගලයෙකු ලෙස නම් කරනු ලැබිණි.

2018 වසර තුළ ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 67 ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබිණි.

මීළඟ ලෝක බැංකු සභාපතිවරයා පත් කිරීම පිළිබඳ කටයුතු වහාම ආරම්භ කරන බව දැනටමත් ප්‍රකාශ වී තිබේ.

ලෝක බැංකුව තුළ ඉතිහාසයේ පටන් පැවති ඇමරිකානු ආධිපත්‍යය පිළිබඳ සලකා බලන විචාරකයන් පවසන්නේ, මෙම ඉල්ලා අස්වීම, ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට මීළඟ ලෝක බැංකු සභාපතිවරයා වශයෙන් ඇමරිකානුවෙකු පත් කරගැනීමට අවස්ථාව ලබාදීමක් ද ලෙස ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි