×

ලෝක ආහාර වැඩසටහන පලස්තීනුවන්ට ලබා දුන් ආධාර කපා හරියි

ඇමරිකාව විසින් සිය පරිත්‍යාග නතර කිරීම මූලික හේතුවයි.


එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩ සටහන හෙවත් WFP විසින් පලස්තීනයට ලබා දෙන ආහාර ආධාර කපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය ජනවාරි 1 දින සිට පලස්තීනුවන් 27000 කට මින් පසු ආධාර නොලැබෙන අතර ගාසා තීරයෙහි 110,000 ඇතුළුව අනෙක් 165,000 කට ලැබෙනු ඇත්තේ පෙර ලැබුණ ආධාර වලින් 80% පමණි.

ලෝක ආහාර සංවිධානය පවසන්නේ මෙසේ ආධාර කපා හැරීමට හේතුව වී ඇත්තේ තමන් වෙත ලැබෙන ආධාර අහිමි වීම බවයි. විශේෂයෙන්ම ලෝක ආහාර වැඩසටහන වෙත ඇමරිකා ඒක්සත් ජනපදය වෙතින් පලස්තීනය වෙත සැපයීම සදහා ලබා දෙමින් තිබූ ආධාර නවතා දැමීම මීට ප්‍රධාන හේතුව බව ආහාර වැඩසටහන පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි