×

ජාත්‍යන්තර කම්කරු දිනයේ ඉතිහාසය ?

මෙතෙක් කල් හාම්පුතුන්ට හිතු මතේ සේවකයන්ගෙන් කාල සීමාවක් ගැන නොසිතා ශ්‍රමය සූරා කෑ බව වටහා ගත් චිකාගෝවේ කම්කරුවන් 65000ක් පමණ ඊට එක්ව සිටියෝය.


අද මැයි 1 දා සමස්ත ලෝකයම ලෝක කම්කරු දිනය සමරනු ලබයි. විශේෂයෙන්ම වැඩ කරන ජනතාවගේ අයිති වාසිකම් පිළිබදව අවධානය යොමු කරන ලේක කම් කරු දිනය ආරම්භ වුණේ කෙලෙසද?

මැයි මස පළමු දිනය ලෝක කම්කරු දිනය ලෙස නම් කරන්නට හේතුව වන්නේ 1886 මැයි මස පළමු වන දින ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් දහස් ගණනින් චිකාගෝ වේ වීදි පුරා එක් වෙමින් තම වැඩ මුරය පැය අටකට සීමා කරන්නයි ඉල්ලමින් කළ උද්ඝෝෂණය හේතුවෙනි.

මෙතෙක් කල් හාම්පුතුන්ට හිතු මතේ සේවකයන්ගෙන් කාල සීමාවක් ගැන නොසිතා ශ්‍රමය සූරා කෑ බව වටහා ගත් චිකාගෝවේ කම්කරුවන් 65000ක් පමණ ඊට එක්ව සිටියෝය. දින ගණනාවක් පුරා වීදි පුරා කරන ලද මෙ උද්ඝොෂණයේ තීරණාත්මක දිනය වූයේ මැයි මස 3වන දිනයි.

එදින උද්ඝෝෂණයට චිකාගෝ පොලීසියේ ප්‍රහාර එල්ල වුණ අතර එහිදී උද්ඝෝෂකයන් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. නමුත් ඉන් නොනැවතුණ උද්ඝෝෂණ කරුවන් දිගින් දිගටම උද්ඝෝෂනය සිදු කළහ. ඒ මිය ගිය කම්කරුවන් වෙනුවෙනි. ඔවුන් මර දැමිවුට විරෝධය පළ කරමිනි. හේමාර්කට් චතුරස්‍රයේදී මෙම උද්ඝෝෂණ පැවති අතර එහිදී යළිත් විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල විය එහිදී කම්කරුවන් මෙන්ම පොලිසි නිළධාරීන් 6 දෙනෙකුද ජීවිතක්ෂයට පත් විය.

ඔගස්ටස් ස්පයිස්,ඇල්බට් මයිකල් ස්ටිවැච් හා පාර්ඩින්ස්,ඇඩෝල්ෆ්ලන්ග් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරවීය. ඔස්කා නිබේට වසර 15 ක සිර දඩුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන් ,මයිකල් ස්ටීවැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය.

පැය 8 ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුදිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහි කිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයය තීරනය කලේය.ඒ අනුව සෑම වසරකම මැයි 1 වනදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාසයට පත්විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි