×

World Poetry Day ට සමගාමීව දරුවන්ගේ අනාගතය ගැන කවි ලිවීමට අවස්ථාවක්

ලොව පුරා සිදු වන ගැටුම්වලින් ළමුන් මිලියන ගණනක් පිඩාවට පත්ව සිටිති. එමෙන්ම යුද්ධය හේතුවෙන් තරුණයින් සුවිශේෂී ලෙස අවදානමට ලක්ව සිටිති.


පසුගිය මාර්තු 21 වන දින  ජාත්‍යන්තර කාව්‍ය දිනය වෙනුවෙන් , ගැටුම් තුළින් ජීවත් වන ළමුන් සහ තරුණයින් සිය සාමය සඳහා වූ කවි මගින්  යුද්ධයෙන් පිඩාවට පත් සිය ළමා කාලයේ කටුක යථාර්ථය බෙදාහදා ගන්නට වූහ.

ඇෆ්ගනිස්ථානය, මාලි, සිරියාව, යුක්රේනය, සෝමාලියාව සහ යේමනය යන රටවල පිරිමි ළමයින් හා ගැහැණු ළමයින්ගේ මෙම කවි ඔබුට කියවන්න පූළුවන්.

ගෝලීය සාමය ළඟා කර ගැනීම සඳහා ඔබට ඔබගේ කාව්‍යත්මක ඇමතුම ඉදිරිපත් කළ හැකි අතර ලොව පුරා සිටින ළමයින්ට සහ තරුණයින්ට ඉන් නව බලාපොරොත්තුවක් සපයයි.

ඔබේ කවිය  #PoemsForPeace සහ #WorldPoetryDay යන හැෂ් ටැග් භාවිතා කර ඔබේ සමාජ මාධ්‍ය නාලිකා වල පළ කරන්න දැන් පූළුවන්

(වැඩි විස්තර https://www.voicesofyouth.org/poems-for-peace?fbclid=IwAR14NZO09XfuPTG3K1fbyOGAMGyY_8yFckGWi-_x-TYh_hhRDk7xxtIS1ig)

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි