×

ලෝකයේ ඉහළම පොහොසතුන් 26 දෙනා සතු ධනය දුප්පතුන් 50%ක සතු ධනයට සමාන වේ.

ඇමර්සන් අයිතිකරු ලොව ඉහළම පෙහොසතා වන ජෙෆ් බෙසෝස් ඩොලර් බිලියන 11කින් සිය ධනය වැඩි කරගෙන ඇති අතර ඔහුගේ ධනයෙන් 1%කින් පමණක් මිලියන 105ක ජනතාවක් සිටින ඉතියෝපියවේ සමස්ත සෞඛ්‍ය වියදම පියවා ගත හැකි වේ.


ලෝකයේ පොහොසතුන් ලැයිස්තුවේ ඉහළින්ම නම් තිබෙන 26 දෙනා සතු සම්පත් වල වටිනාකම ලෝකයේ සමස්ත දුප්පතුන් සංඛ්‍යාවෙන් 50% ක් එනම් දුප්පතුන් මිලියන 3.8 සතු සම්පත් වලට සමාන බව සමීක්ෂණ මගින් හෙළි වේ.

කරමින් ජාත්‍යන්තර සමාජ සේවා ආයතනයක් වන Oxfam පවසන්නේ ලෝක ඉතිහාසයේ පොහොසතුන් හැකි තාක් පොහොසතුන් බවටත් දුප්පතුන් හැකිතාක් දුප්පතුන් බවටත් පත් වූ වසර 2018 බවයි.

දුප්පත් සහ පොහොසත් දෙක අතර පවතින වඩාත් පුළුල් වෙමින් පවතින පරතරය ලෝකයේ දුප්පත්කම දුරැලීමේ ප්‍රධානතම බාධකය ලෙසද ඔවුන් පවසයි.

ඔවුන් පවසන්නේ ලෝකයේ පෙහොසතුන් සදහා පවතින බදු වලින් 1% පමණක් වැඩි කළ හොත් වාර්ෂිකව ඩෝලර් බිලියන 418ක මුදලක් වැඩි වන බවත් එමගින් ලොකයේ පාසැල් නොයන දරුවන් සෑම අයෙක්ම පැසැල් යැවීමට ප්‍රමාණවත් වනු ඇති අතර සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමෙන් මිලියන 3කගේ ජීවිත මරණයෙන් බේරා ගත හැකි බවයි.

Oxfam ආයතනය පවසන්නේ ලෝකය පුරා සිටින බිලියපතියන් 2200කගේ පමණක් ධනය 2018 වසරේදී ඩොලර් බිලියන 900කින් ඉහළ ගොස් ඇති බවයි. එනම් දෛනිකව වැඩි වී ඇති ප්‍රමාණය බිලියන 2.5කි. එමෙන්ම 12% ඉහළම පොහොසතුන් ගේ ධනය වැඩි වන වට ලෝකයේ සමස්ත දුප්පතුන් ප්‍රමාණයෙන් හරි අඩකට 11% ක් පමණක් හිමිව තිබේ.

2017 වසරේදී ලෝකයේ ඉහළම පෙහෝසතුන් 43කගේ ධනය හා දුප්පතුන් සංඛ්‍යාවෙන් අඩක ධනයට සමාන වූ අතර 2018 වන විට එය පෙහෝසතුන් 26කගේ ධනය දුප්පතුන් හරි අඩකගේ ධනයට සමාන වී ඇත . ඒ අනුව පෙනී යන්නේ වසරක් තුළ පෙහෝසතුන් වඩාත් සීග්‍රයෙන් සිය ධනය වැඩකරගෙන සිටින බවයි.
මෙම සමීක්ෂණය මගින් තව දුරටත් හෙළි කර ඇති පරිදි

  • පසුගිය වසර 10ක කලෙය තුළ බිලියනපතියන් දෙගුණයකින් ඉහළ ගොස් ඇත..
  • 2017 -2018 අතර කාලය තුළ සෑම දින දෙකකට වරක්ම බිලියන පතියෙක් බිහි වී ඇත
  • ඇමර්සන් අයිතිකරු ලොව ඉහළම පෙහොසතා වන ජෙෆ් බෙසෝස් ඩොලර් බිලියන 11කින් සිය ධනය වැඩි කරගෙන ඇති අතර ඔහුගේ ධනයෙන් 1%කින් පමණක් මිලියන 105ක ජනතාවක් සිටින ඉතියෝපියවේ සමස්ත සෞඛ්‍ය වියදම පියවා ගත හැකි වේ.
  • බ්‍රිතාන්‍යයේ දුප්පතුන් 10% ක් විසින් ගෙවන බදු අනුපාතය 10% පෙහොසතුන්ගේ බදු අනුපාතිකයට වඩා ඉහළ වේ. (49% හා 34%)

Oxfam ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ ලෝකයේ රජයන් බෙහෝමයක් විසින් සිය මහජනයාගේ පොදු අවශ්‍යතා සදහා රාජ්‍ය ධනය වැය නොකිරීම හේතුවෙන් වාර්ෂිකව 10000ක් නිසි සෞඛ්‍ය ඵහසුකම් නොමැතිව මිය යන අතර මිලියන 262 ළමුන් සිය දෙමවුපියන්ට මුදල් නොමැතිවීම හේතුවෙන් පාසැල් අධ්‍යාපනය නොලබයි.

මෙම සමීක්ෂණය සදහා දත්ත Global Wealth Data Book මගින් සහ ෆෝර්බ්ස් සගරාව මගින් නිකුත් කරන වාර්ෂික බිලියනපතියන්ගේ ලැයිස්තුවෙන් ලබා ගෙන ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි