×

ඉන්දියාව ලෝකයේ 6 වැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත් වෙයි.

6 වන ස්ථානයේ සිටි ප්‍රංශය දැන් 7 වන ස්ථානයට


යාවත්කාලීන කරන ලද 2017 ලෝක බැංකු දත්තවලට අනුව ඉන්දියාව මේ වන විට පසුවන්නේ ලෝකයේ 6 වන විශාලතම ආර්ථිකය හිමි රට වශයෙනි.

පසුගිය වසර අවසානය වන විට ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.597 කි. මේ අනුව දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.582 ක් වන ප්‍රංශය 7 වන ස්ථානය දක්වා තල්ලු වී තිබේ.

මෙයට වසර 10කට පෙර ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය වශයෙන් පැවතුණේ ප්‍රංශයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1/2කි. එය ඉන්දියාව ලබාගත් අති විශාල ජයග්‍රහණයකි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවට අනුව 2017 ජූලි මාසයෙන් පසුව, කාර්තු කිහිපයක් කඩා වැටීම්වලට ලක්ව තිබූ ඉන්දියානු ආර්ථිකය වේගයෙන් ඉදිරියට ඒමට පටන් ගත්තේය.

බිලියන 1.34 ක ජනගහනයක් සිටිනා ඉන්දියාව, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රටවල් අතරින් ද එකකි.

කෙසේ නමුත් දළ දේශීය නිෂ්පාදිතය මෙවැනි ඉහළ අගයක පැවතිය ද, ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම පවතින්නේ තවමත් පහළ මට්ටමක ය. ඒ බව පහත ප්‍රස්ථාරවලින් අවබෝධ කර ගත හැක.

Graphic: Times of India

මේ අනුව වත්මන් ලෝකයේ විශාලතම ආර්ථිකයන් 10 මෙසේ ය.
1. ඇමරිකාව

2. චීනය

3. ජපානය

4. ජර්මනිය

5. එක්සත් රාජධානිය

6. ඉන්දියාව

7. ප්‍රංශය

8. බ්‍රසීලය

9. ඉතාලිය

10. කැනඩාව



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි