×

2023 චීනයේ උණුසුම්ම වසර ලෙස වාර්තා අතරට

චීනය තිරසාර බලශක්ති නිෂ්පාදනය වේගවත් කරමින් සිටින අතර රට සිය සුළං සහ සූර්ය බලශක්ති ධාරිතාව දෙගුණ කිරීමටත් 2025 වන විට හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා පුනර්ජනනීය බලශක්තිය විශාල වශයෙන් වැඩි කිරීමටත් කටයුතු කරමින් සිටියි.


සටහන – සශිකලා මධුෂාණි ජනවාරි 05 ,

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2023 වසර චීනයේ උණුසුම්ම වසර බවට වාර්තාගතව ඇති බව චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය වසර පුරාම චීනය ආන්තික කාලගුණික සිදුවීම්, දැවෙන තාප තරංග මාලාවකට මුහුණ දුන් අතර වසර ගෙවී යද්දී දෛනික සහ මාසික උෂ්ණත්ව වාර්තා නැවත නැවතත් බිඳ වැටිණි. මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින් සඳහන් කලේ, එල් නිනෝ සහ දේශගුණික විපර්යාසවල ඒකාබද්ධ බලපෑම්වල ප්‍රතිඵලයන් වන බවයි.

ජාතික දේශගුණික මධ්‍යස්ථානයට අනුව, 2023 වසරේ චීනයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.7ක් ලෙස වාර්තා වූ අතර රට පුරා කාලගුණ මධ්‍යස්ථාන 127 කින් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික උෂ්ණත්වය වාර්තා වී තිබේ.

දිගුකාලීන හා නොනැසී පවතින තාපය මිලියන සිය ගණනක් ජනයාට බලපෑ අතර රටේ විදුලිබල පද්ධතියට විශාල පීඩනයක් ඇති කළේය. පසුගිය ජුලි මාසයේදී, ගල් අඟුරු බල ශක්තිය නිපදවන ලොව විශාලතම ජනක යන්ත්‍රවලින් එකක් වන චයිනා එන්ජි ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් කියා සිටියේ එය නිපදවන විදුලි පරිමාව දෛනික වාර්තාවකට පැමිණ ඇති බවයි.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව චීනය ලොව විශාලතම කාලගුණ දුෂකයා වන අතර ගල් අඟුරු දහනය හේතුවෙන් සිදුවන ගෝලීය විමෝචනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් චීනය විසින් සිදු කරනු ලැබේ. චීනය සිය ග්‍රහලෝක උණුසුම් කිරීමේ විමෝචනය සාර්ථක ලෙස අඩු කර පිරිසිදු බලශක්තිය වෙත සංක්‍රමණය නොවන්නේ නම්, ලෝකයට තම දේශගුණික අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති ඉඩකඩ අල්ප බව ලෝක බැංකුව පවසා තිබේ.

ඒ අනුව, චීනය තිරසාර බලශක්ති නිෂ්පාදනය වේගවත් කරමින් සිටින අතර රට සිය සුළං සහ සූර්ය බලශක්ති ධාරිතාව දෙගුණ කිරීමටත් 2025 වන විට හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා පුනර්ජනනීය බලශක්තිය විශාල වශයෙන් වැඩි කිරීමටත් කටයුතු කරමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි