×

වසංගතයේ මිනිස් ධෛර්යය සමග ගිනස් පොතට ගිය ලෝකයේ ලොකුම වැලි බලකොටුව

මීටර 21.16 ක් උස වැලි බලකොටුවක් නිර්මාණය කරමින් ඩෙන්මාර්කය ගිනස් පොතට ගියේය.


මෙම අලුත් වැලි බලකොටුව පෙර නිර්මාණයට වඩා මීටර 3 ක් පමණ උසින් වැඩි ය.

එය බ්ලොකුස් පළාතේ ඉදිකර තිබෙන්නකි.

වැලිවලින් පමණක් මෙවැනි උස නිර්මාණයක් කළ නොහැකි නිසා මෙහි නිර්මාණකරුවන් විසින් 10%ක පමණ මැටි ද මේ සඳහා යොදාගෙන තිබේ.

වැලි ටොන් 5,000 ක් පමණ මෙම නිර්මාණය සඳහා යොදාගෙන ඇත.

මෙහි නිර්මාණකරුවා ලන්දේසි ජාතිකයෙක් වන විල්ෆ්‍රඩ් ස්ටිගර් ය. ලෝකයේ හොඳම වැලි මූර්ති ප්‍රතිමා ශිල්පීන් 30 දෙනෙකුගේ පමණ සහාය ඔහුට මේ සඳහා ලැබිණි.

අහස උසට නැගෙන මෙම වැලි බලකොටුවේ තේමාව, එසේත් නැතිනම් එය නිර්මාණය කිරීමේ අරමුණ මේ සියලු කාරණාවලට වඩා සිත්ගන්නා සුලු ය. එනම්, එය නිර්මාණය වූයේ කොරෝනා වෛරස් වසංගතය ඇරඹුණු සමයේ පටන් ලෝකය වසංගතයට එරෙහිව ප්‍රකට කරන නැගී සිටීමේ බලය, එසේත් නැත්නම් ගෝලීය වසංගතය යටපත් කිරීමට ගන්නා උත්සාහය මූර්තිමත් කිරීමයි.

ලබන වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසය දක්වාම මෙම වැලි බලකොටුව පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි