×

ලොව ප්‍රථම වතාවට මැලේරියා එන්නත භාවිතය අරඹයි

මෙම එන්නත සාර්ථක වුවහොත් මැලේරියා රෝගය ලෝකයෙන්ම තුරන් කිරීමට හැකිවනු ඇති බව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.


ලොව ප්‍රථම වතාවට මැලේරියා එන්නත ලබා දීම අද කෙන්යාවේදී සිදු කරන ලදී, ඒ වසර තිහක් තිස්සේ මැලේරියා රෝගය ලෝකයෙන් තුරන් කිරීම සදහා සිදු කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රථිපලයක් ලෙසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධාකයේ මග පෙන්වීම යටතේ කෙන්යාවේ දරුවන් ලක්ෂ තුනකට ඉදිරි වසර තුනක කාලයක් තුළ ලබා දීමට නියමිතව ඇත.

මෙහි නියාමන ව්‍යාපෘතීන් ඝානාවේදී සහා මලාවි හීදී ක්‍රියාත්මක කරන ලද අතර ඒවායේ සාර්ථකත්වයත් සමග නිළ වශයෙන් එන්නත ලබා දීම ආරම්භ කෙරිණි. මැලේරියා රෝග කාරකයට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තීකරණය ක්‍රියාකරවීමේ ක්‍රියාවලියක් මෙම එන්නත මගින් සිදු වේ. කුඩා දරුවෙක් උපත ලබා වසර දෙකක් ගත වන්නට පෙර එන්නත සිවු වතාවක් ලබා දීම මෙහිදී සිදු කළ යුතුව ඇත.

ලෝකය පුරා මැලේරියාව හේතුවෙන් සෑම මිනිත්තු දෙකකදීම එක් දරුවෙකු මිය යයිත ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මැලේරියා රෝගය හේතුවෙන් සෑම වසරකම ගෝලීය වශයෙන් පුද්ගලයින් 400000කට අධික ප්‍රමාණයක් මිය යන බවයි. ඉන් වැඩි පිරිසක් අප්‍රිකානුවන්ය.

මෙම එන්නත සාර්ථක වුවහොත් මැලේරියා රෝගය ලෝකයෙන්ම තුරන් කිරීමට හැකිවනු ඇති බව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි