×

ගැහැණු, පිරිමි බිත්තර වෙන්කර හඳුනා ගැනීමේ ක්‍රමයක් ජර්මනියෙන්

ලොව ප්‍රථම වරට no-kill බිත්තර විකිණේ


ලෝකයේ ප්‍රථම වතාවට බර්ලිනයේ සුපිරිවෙළඳ සැල්වල නොමරන බිත්තර අලෙවි කිරීම ආරම්භ කර ඇත. ජර්මන් විද්‍යාඥයින් පිරිසක් විසින් බිත්තරය රකින්නට පෙර එම බිත්තරයේ ගැහැණු පිරිමි බව හඳුනා ගැනීමට හැකි ක්‍රම වේදයක් සොයා ගැනීමත් සමග මෙම no-kill බිත්තර විකිණීම ආරම්භ කර ඇත‍.

මෙතෙක් ලෝකය පුරා බිත්තරයේ ගැහැණු පිරිමි බව සොයා ගත නොහැකි වීම හේතුවෙන් ලෝකයේ බිත්තර කර්මාන්තය තුළ බිලියන ගණණක් පිරිමි කුකුල් පැටවුන් මරා දැමීම සිදු කරන ලදී. මන්ද බිත්තර දැමීමට කිකිළියන් වැදගත් වූ අතර එබැවින් ගැහැණු කුකුළ් පැටවුන් පමණක් රඳවා ගැනීම සිදු විය.

ජර්මනිය විසින් පේටන්ට් බලපත් හිමිකර ගත් මෙම ක්‍රමයට අනුව බිත්තරයට දින නවයක් ගෙවුණ පසු එය ගැහැණු බිත්තරයක්ද පිරිමි බිත්තරයක්ද යන්න සොයා ගත හැකි වේ. ඉන් අනතුරුව පිරිමි බිත්තර ආහාර සඳහාද ගැහැණු බිත්තර වර්ගයා බෝ වීම සඳහා රැකීමටද යොදා ගත හැකි වේ.

කුකුළන් මරා දැමීමට අකමැති ඕනෑම අයෙක්ට මෙම ක්‍රමය මගින් කුකුල් පැටවෙකු බිහිවන්නට පෙර එවා ආහාරය සඳහා යොදා ගන්නනේද නැත්නම් ඇති කිරීම සඳහා කිකිළයන් වෙන් කර ගැනමද සිදු කළ හැකිවේ.

මෙම සොයාගැනීම ජයග්‍රහණයක් හෝ පරාජයක් නොවන අතර ලෝක වෙළඳ පළ ගැටළූවකට විසඳුමක් පමණක් වන බව විද්‍යාඥයින් පිරිස විසින් පෙන්වා දෙයි. ලෝකයේ සෑම වසරකටම බිලියන 4ත් පහත් අතර කුකුළන් සංඛ්‍යාවක් (පිරිමි සතුන්) ආර්ථිකමය ප්‍රයෝජනයක් ලබා ගත නොහැකිවීම හේතුවෙන් මරා දැමේ. ඉන් සමහරක් හුස්ම හිර කර මරා දමන අතර තවත් පිරිසක් සත්වයින්ගේ ආහාර නිෂ්පාදනය සඳහා පණ මිටින් ඇඹරුම් යන්ත්‍රවලට යොමු කරයි. එසේ කුකුළන් මරා දැමීම සාධාරණ විසඳුමක් නොවන අතර මෙම නවතම ක්‍රමය මඟින් බිත්තර අවධියේම හඳුනාගෙන එය වෙනත් මගකින් ප්‍රයෝජනයට ගත හැකිවේ.

සාමාන්‍ය වශයෙන් මස් පිණිස මෙන්ම බිත්තර සඳහා වෙනම කුකුල් නිෂ්පාදන කර්මාන්තයන් පවතින එය සාමාන්‍ය කුකුල් පාලනයෙන් වෙනස් වේ. සාමාන්‍යයෙන් පිරිමි කුකුල් පැටවෙක් වැඩුන පසු බිත්තර දැමීමක් නොවනවා මෙන්ම ඔවුන් වැඩීමටද කිකි‍ළියන්ට වඩා දීර්ඝ කාලයක් ගත වේ. මස් ලබා ගැනීමේ අරමුණින් එතරම් කාලයක් ඔවුන්ව පෝෂණය කිරීමද පල රහිත ක්‍රියාවක් බව ඔවුන් පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි