×

වසර 46,000කට පෙර අතීතයට අපව ගෙන යන පණුවෙක්!

ලොම් සහිත මැමත්, උල්-දත් ඇති කොටි සහ යෝධ එල්ක්ස් තවමත් පෘථිවියේ සැරිසරන කාලයක මිත්‍යාවන් පොදිබැඳගෙන විද්‍යාඥයන් වසර 46,000කටපෙර ශීත වී සිටි පණුවෙකුට නැවත පණ ලබා දී ඇති බව සමාජ මාධ්‍යජාලා කළඹවමින් පුවතක් අසන්නට ලැබිණි. කලින් නොදන්නා විශේෂයකට අයත් වට පණුවන්, සයිබීරියානු නිත්‍ය තුහින ප්‍රදේශයේ මතුපිටට මීටර් 40ක් (අඩි 131.2) පහළින් ක්‍රිප්ටෝබියෝසිස් ලෙසහැඳින්වෙන නිද්‍රාශීලී තත්වයක ජීවත් […]


ලොම් සහිත මැමත්, උල්-දත් ඇති කොටි සහ යෝධ එල්ක්ස් තවමත් පෘථිවියේ සැරිසරන කාලයක මිත්‍යාවන් පොදිබැඳගෙන විද්‍යාඥයන් වසර 46,000කටපෙර ශීත වී සිටි පණුවෙකුට නැවත පණ ලබා දී ඇති බව සමාජ මාධ්‍යජාලා කළඹවමින් පුවතක් අසන්නට ලැබිණි.

කලින් නොදන්නා විශේෂයකට අයත් වට පණුවන්, සයිබීරියානු නිත්‍ය තුහින ප්‍රදේශයේ මතුපිටට මීටර් 40ක් (අඩි 131.2) පහළින් ක්‍රිප්ටෝබියෝසිස් ලෙසහැඳින්වෙන නිද්‍රාශීලී තත්වයක ජීවත් ව ඇති බව සඳහන්.

මීට වසර පහකට පෙර සයිබීරියාවේ ශීත කළ අන්වීක්ෂීය නෙමටෝඩාවන් හෝ වට පණුවන් වර්ග දෙකක් විද්‍යාඥයින් විසින් සොයාගෙන නැවත ජීවය දීමටකටයුතු කර තිබිණි.

නෙමටෝඩාවන් සහ වඩාත් ප්‍රචලිත ලෙස ටාර්ඩිග්‍රේඩ් වැනි බොහෝ සතුන්ට “ක්‍රිප්ටෝබියෝසිස්” නම් නිද්‍රාශීලී තත්වයකට ඇතුළු වීමෙන් ආන්තිකතත්වයන්ගෙන් බේරී සිටිය හැක.

Teymuras Kurzchalia මෙම කාර්‍යය වෙනුවෙන් පෙනී සිටි විද්‍යාඥයෙක් වූ අතර Dresden හි Max Planck අණුක සෛල ජීව විද්‍යාව සහ ජාන විද්‍යාවපිළිබඳ ආයතනයේ සෛල ජීව විද්‍යාඥයෙක් ලෙස ඔහු කටයුතු කරයි.

Kurzchalia විසින් සොයා ගන්නා ලද පණුවන් ඊසාන දිග ආක්ටික් ප්‍රදේශයේ රොන් මඩ නිධි වල පොසිල කළ ගුලකින් ලබාගෙන ඇත. මෙම ගුලේ ඇති ශාකද්‍රව්‍ය මත පදනම්ව, මෙම පණුවන් මීට වසර 45,839 ත් 47,769 ත් අතර ප්ලයිස්ටොසීන යුගයේ අග භාගයේ සිට ශීත ව පැවත එතැයි PLOS Genetics සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනය තුළින් පැහැදිලි වේ.

Teymuras Kurzchalia ට අනුව, කලින් හඳුනා නොගත් විශේෂයකට අයත් වට පණුවන්, සයිබීරියානු නිත්‍ය තුහින ප්‍රදේශයේ මතුපිටට මීටර් 40ක් (අඩි131.2) පහළින් ක්‍රිප්ටෝබියෝසිස් ලෙස හැඳින්වෙන නිද්‍රාශීලී තත්වයක ජීවත් ව ඇත.

ක්‍රිප්ටෝබියෝටික් තත්වයක සිටින ජීවීන්ට ජලය හෝ ඔක්සිජන් සම්පූර්ණයෙන්ම නොමැතිකම විඳදරාගත හැකි අතර අධික උෂ්ණත්වයන්ට මෙන්ම කැටිගැසීමේ හෝ අධික ලුණු සහිත තත්වයන්ට ඔරොත්තු දිය හැකිය බව Kurzchalia තවත් පැහැදිලි කළේය.

මෙම පණුවන් නව විශේෂයකට අයත් වන අතර, පර්යේෂකයන් විසින් ඔවුන් Panagrolaimus kolymaenis ලෙස නම් කරන ලදී.

අපි අවට ලෝකයේ වෙන නොවන දේවල් තීරණය කරන්නේ ස්වභාවධර්මය වන අතර මෙයත් එහි අපූර්ව සොයා ගැනීමකි.



සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි