×

සවුදි බෙදුම්වාදීන් සමඟ යේමන රජය වක්‍ර සාකච්ඡා පවත්වයි

යේමනයේ ඒඩන් අගනගරයේ හා දක්ෂිණ පළාත් වල පවතින ගැටුම්කාරී වාතාවරණය සමථයකට පත් කිරීම සඳහා එරට රාජ්‍ය බලධාරීන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහය ලබන්නේ යැයි කියන දකුණු බෙදුම්වාදීන් සමඟ වක්‍ර සාකච්ඡා ආරම්භ කර ඇති බවට අද දින (04) විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ සවුදි රතු මුහුදේ ජෙඩා නුවරදී බවටද වාර්තා වේ.

එමීර් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ජෙඩා නුවර පවත්වන වක්‍ර හමුවීම් “හවුති කුමන්ත්‍රණය” හමුවේ දෙකඩ වූ දෙපාර්ශවය අතර සාමය ඇතිකිරීමට තුඩු දෙනු ඇති බවට ගල්ෆ් රාජ්‍යය විශ්වාස කරන බවයි.

යේමනයේ “හවුති පවරා ගැනීම” නොහොත් 2014 සැප්තැම්බර් 21 “හවුති කුමන්ත්‍රණය” යනු හවුතිවරුන් සහ යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සාලේගේ ආධාරකරුවන් විසින් ක්‍රමානුකූලව යේමන රජය පළවා පාලන බලය අත්පත් කර ගැනීමට ආයුධ සන්නද්ධ මෙහෙයුමක් දියත් කිරීමයි.

පසුගිය අගෝස්තු මස මුල් වකවානුවේදී දකුණු බෙදුම්වාදීන් විසින් යේමනයේ ඒඩන් අගනගරයේ පාලන බලය නතු කර ගන්නා ලදී. එමෙන්ම යේමන රජයට සහය පළකරන පුද්ගලයන් තම අත්අඩංගුවේ භාරයට ගැනීමටද බෙදුම්වාදීන් විසින් මේ වන විට කටයුතු කර ඇත.

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි