×

දකුණු කොරියාවේ වර්ෂාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට

දකුණු කොරියානු කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව තද වැසි ඉදිරියටත් අපේක්ෂා කෙරේ.


දින ගණනාවක් පුරා දකුණු කොරියාවට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ නාය යෑම් හා ගංවතුර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 39 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

යුක්රේනයේ සංචාරයකින් පසු සෝල් වෙත ආපසු පැමිණි දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් විසින් බලපෑමට ලක් වූ ප්‍රදේශ විශේෂ ආපදා කලාප ලෙස නම් කර මුදවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙස නියෝග කර තිබේ.

දකුණු කොරියානු කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව අඟහරුවාදා රාත්‍රිය වන විට මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 සිට 200 දක්වා අමතර වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර තද වැසි ඉදිරියටත් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

රට පුරා, වර්ෂාපතනය හේතුවෙන් මේවන විට පුද්ගලයින් 10,570 ක් පමණ ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි