×

සමරිසි හිංසනයට විරුද්ධ වූ ඇමරිකාවේ සැම්බියානු තානාපති ඉවතට!

මෙම පුවත ඇසූ සැනින් සිත් තුළ අනුනාද වන්නේ දකුණු ආසියාවේ පවතින කුඩා දිවයිනක් ම වීමද තවත් සුවිශේෂීත්වයකි...


ඇමරිකා එක්සත් ජනපදයේ සැම්බියානු තානාපති ඩැනියෙල් ෆුට් මහතා ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කොට තිබේ.

ඒ සැම්බියාවේ පුද්ගලයන් දෙදෙනෙකු ලිංගිකත්වය මත අත්අඩංගුවට පත්වීමට විරුද්ධව හඬක් නැඟීම නිසාවෙනි.

ලිංගික ජීවිතය ඉලක්ක කොට ගනිමින් පසුගියදා සමරිසි යුවලක් සැම්බියාවේදී අත්අඩංගුවට පත් වූ අතර, එක්සත් ජනපදයේ සැම්බියානු තානාපති ඩැනියෙල් ෆුට් මහතා ඊට එරෙහි ව මත පළ කර තිබිණි. ඔහු පෙන්වා දුන්නේ පුද්ගලයකුගේ ලිංගිකත්වය මත අත්අඩංගුවට පත්වීම දරුණු ක්‍රියාවක් බවය.

මෙම මත පළ කිරීමත් සමඟ උරණ වූ සැම්බියානු රජය වහා ක්‍රියාත්මක වන පරිදි ෆුට් මහතා යළි සැම්බියාවට කැඳවීමට කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයකු පවසා සිටියේ ඩැනියෙල් ෆුට් මහතා සමරිසි හිංසනයට එරෙහිව දැරූ මතයට සැම්බියානු රජය දක්වා ඇති ප්‍රතිචාරය කම්පා දනවන්නක් බවය.

ෆුට් මහතා ගේ සේවාව තවදුරටත් අවශ්‍ය නොවන බවට සැම්බියානු රජය ඇමරිකාවට දැනුම් දී ඇති අතර, ඒ අනුව ඔහු යළි සැම්බියාවට කැඳවීමට කටයුතු සිදුවනු ඇති බවට මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේවෙතත්, සැම්බියාව හා ඇමරිකාව අතර පවතින මිත්‍රත්වය මින් පළුදු නොවන බවද හෙතෙම සඳහන් කළේය.

සැම්බියාව තුළ සමරිසිභාවය නීති විරෝධී අතර, සමරිසි ලිංගික හැසිරීම් වල නිරත වන්නන් “අස්වාභාවික හැසිරීම්” යටතේ දඬුවම් පමුණුවා වසර 15ක සිර දඬුවමකට යටත් කරනු ලබයි.

මීට අමතරව, සමරිසිභාවය, හා සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී (LGBTIQ) ප්‍රජා ඉලක්ක කර ගනිමින් සිදුවන හිංසනය, ප්‍රචණ්ඩත්වය හා වෙනස්කොට සැලකීම්ද සැම්බියාවේ බහුලය.

කෙසේවෙතත්, සැම්බියානු රජය සමරිසි ප්‍රජා මූලික කරගනිමින් සිදුකරන එච්අයිවී ආශ්‍රිත සෞඛ්‍ය සේවාවන් සඳහා එක්සත් ජනපදයේ අරමුදල් ලබා ගැනීමද සුවිශේෂීත්වයකි.

මෙම පුවත ඇසූ සැනින් සිත් තුළ අනුනාද වන්නේ දකුණු ආසියාවේ පවතින කුඩා දිවයිනක් ම වීමද තවත් සුවිශේෂීත්වයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි