×

ලංකාවේ වර්තමාන තත්ත්වය යුක්රේන කොමීඩියන් කෙනෙකුගේ ඇසින්..

ලෙයට ලෙයක් ඉල්ලූ සෙලෙන්ස්කි දැන් ලංකාවේ ආර්ථික කඩා වැටීම ගැන කතා කරයි...


ලෝකයේ විවිධ රටවල් වල මතුව ඇති ආහාර අර්බුද මෙන්ම ශ්‍රී ලංකාවේ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වයට රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් වගකිව යුතු බව යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි චෝදනා කරනවා.

දකුණු කොරියාවේ සියොල් අගනුවර පැවති ආසියානු නායකවරන්ගේ සම්මන්ත්‍රණයකට (Asian Leadership Conference) සහභාගී වෙමින් යුක්රේන ජනපතිවරයා පැවසුවේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හරහා ආර්ථික කම්පනයක් ලොව පුරා ඇති කිරීමට පුටින් සමත් වූ බවත්, මෙමඟින් ශ්‍රී ලංකාව ඇතුළු ලොව විවිධ රටවල්වලට ආහාර හිඟයන්, ඉන්ධන හිඟයන් ඇතුළු බරපතල අර්බුදයන් රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් ය.

බෙදා හැරීමේ දාමයන් අවහිර කොට මෙසේ ලොව පුරා අර්බුදයක් නිර්මාණය කිරීම රුසියානු න්‍යාය පත්‍රයට වාසිදායක බවද ඔහු පවසනවා.

ශ්‍රී ලංකාවේ මතුව ඇති අර්බුදය ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් සෙලෙන්ස්කි යුක්රේන ජනපතිවරයා පැවසුවේ, මෙම කම්පනකාරී ආහාර හා ඉන්ධන අවහිර කිරීම බරපතල සමාජ පිපිරී යාමකට මුල පුරා ඇති බවත්, මෙය කොතැනින් අවසාන වනු ඇති ද යන්න කිසිවකුට පුරෝකථනය කළ නොහැකි බවත් ය.

කෙසේවෙතත්, අවස්ථා කිහිපයකදී ම මෙම යුධ තත්ත්වය අවසාන කරගැනීමට සෙලෙන්ස්කිට හැකියාව තිබුණු අතර, යුක්රේන – රුසියානු යුද්ධය ජය ගැනීමට දස අත ආධාර පතා නොලැබුණු තැන ඒ ඒ රටවල රාජ්‍ය නායකයන්ට පරිභව කළේ ද මේ සෙලෙන්ස්කිම ය. එමෙන්ම, යුක්රේනය එක්සත් ජනපදයෙන් ද ඩොලර් කෝටි ගණනින් යුධ ආධාර ලබා ගත්තේ යුද්ධය දිනීමට මිස සෙලෙන්ස්කි ම මේ කියන සමාජ පිපිරීමට ලක්වූ රටවල් වලට උදව් කිරීමට නම් නොවේ.

පුටින් හා සමානවම යුධ උන්මාදයෙන් පෙලෙන සෙලෙන්ස්කි මේ කරන ප්‍රකාශ විසිලු සහගත යැයි සිතීම සාධාරණ නොවේද?

ඇමරිකාවේ බයිඩන් ජනාධිපතිවරයා, එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් හිටපු අග්‍රාමාත්‍යවරයා යුධ අධාර ලෙස යුක්රේනයට ලබා දුන් මුදල් වලින් අඩක් හෝ ශ්‍රී ලංකාව වැනි රටකට ලැබුණේ නම් රට මේ වන විට ගොඩේ ගොඩ පමණක් නොව, විදෙස් ණය ද ගෙවා හමාරය!

ඒ අනුව ආසියානු නායකවරුන්ගේ සම්මන්ත්‍රණයට සහභාගී වූ සෙලෙන්ස්කි ට හදිසියේ ම ඔහුගේ පැරණි රැකියාව වූ ප්‍රහසන ශිල්පය මතක් වී රංගනයක යෙදුනා ද යන සැකය මෙහිදී මතුවීම ද සාධාරණ ය.

ලෙයට ලෙයක් ඇති මෙහෙම ලෙයක් නැති සෙලෙන්ස්කි වන්නම..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි