මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් සැලකිය යුතු වර්ෂාපතනයක් එරට සමහර ප්‍රදේශවලට අහිමි වූ අතර, ඉතාලියේ උතුරු ප්‍රදේශ වල තත්වය වඩාත් උග්‍ර වී ඇත.
රටේ දිගම ගංගාව වන පෝ, 1972 සිට ශීත ඍතුවේ දී වාර්තා වූ අඩුම ජල මට්ටම දක්වා පහත බැස තිබේ.
මෙවැනි තත්වයක් යටතේ, එරට Piedmont, Liguria, Lombardy සහ Trentino ඇතුළු නගරවල නගරාධිපතිවරුන් විසින් ජල සලාක ක්‍රම හඳුන්වා දී ඇත.
උල්පත් ක්‍රියා විරහිත කිරීම සහ රාත්‍රී නල ජලය සීමා කිරීම, උද්‍යාන සහ විනෝද වෙන් කිරීම් සඳහා ජලය භාවිතා කිරීම තහනම් කිරීම දක්වා මෙම තහනම බලපැවැතිවේ.
මෝටර් රථ සේදීම සහ පිහිනුම් තටාක පිරවීම ද ඊට අදාලය.
මෙම දැඩි නියඟය මධ්‍යයේ නගරාධිපතිවරුන් සලාක සැපයුම් ලෙස ජලය සීමා කිරීම සම්බන්ධයෙන් උතුරු ඉතාලියේ සමහර නගරවල ජීවත් වන ජනතාව දැඩි පීඩාවකටද මුහුණ දි තිබේ.
පලමුවරට ලිගුරියා හි බජාර්ඩෝ නම් ගම්මානයේ රාත්‍රී 8 සිට පෙරවරු 8 දක්වා කාලය තුළ නල ජල සැපයුම විසන්ධි කර ඇත.
ශීත ඍතුවේ නියඟය පසුගිය ගිම්හානයේදී ඉතාලිය පුරා පැතිර ගිය අතර, දැඩි ඌෂ්ණාධික තාපය ඉහල යන්නට විය.
අගෝස්තු මාසයේදී සිසිලියේ සිරකුසා හි , සෙල්සියස් අංශක 48.8 ක උෂ්ණත්ව අගයක් වාර්තා කළ අතර, මෙම අගය ඉහළම උෂ්ණත්වය සඳහා වූ යුරෝපීය වාර්තාව බිඳ දමා තිබේ.
මෙම ශීත සෘතුවේ හිම පතනය ද සාමාන්‍ය මට්ටමට වඩා අඩු අගයක් ගෙන තිබේ.