සති හතරකට පෙර ආසාදන අනුපාතය ඉහළ යාමෙන් පසු අඩුම කොරොනා වෛරස් රෝගීන් සංඛ්‍යාව දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති අතර, මේ කරුණ චීනයෙන් පිටත ආසියානු රට වල ආසාදිත මට්ටම්ද අඩුවනු ඇතැයි යන බලාපොරොත්තුව ඇති කරයි.
පසුගිය පැය 24 තුළ රට තුළ නව කොවිඩ් -19 රෝගීන් 64 ක් වාර්තා වූ අතර, මරණ 111 ක් සමඟ මුළු ආසාදිත සංඛ්‍යාව 8,961 කි.
දකුණු කොරියාවේ කොරෝනා වයිරස් සඳහා දිනකට පුද්ගලයින් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කරනු ලබන අතර, එය ලෝකයේ වෙනත් ඕනෑම රටකට වඩා ඉහළ සංඛ්‍යාවකි. එරට රාජ්‍ය හා පෞද්ගලික රසායනාගාර ජාලයක් නිර්මාණය කර ඇති අතර රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගත හැකි ඩ්‍රයිව්- තෲ මධ්‍යස්ථාන දුසිම් ගණනක් පිහිටුවා ඇත.
නමුත් සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ රට තවමත් ආසාදනයට එරෙහිව සටන් කරන බවයි.
මේවන විට වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්ව සිටී. ඉතාලියේ ඉරිදා නව මරණ 651 ක් වාර්තා වූ අතර, ඒ අනුව මුළු සංඛ්‍යාව 5,476 ක් වූ අතර ස්පාඥයේ පසුගිය පැය 24 තුළ තවත් මරණ 462 ක් වාර්ථා වූ අතර, මුළු සංඛ්‍යාව 2,182 විය.
නිව්යෝර්ක් නුවර නගරාධිපතිවරයා නරක අතට හැරෙන තත්වයක් ගැන අනතුරු ඇඟවූ අතර ප්‍රධාන වෛද්‍ය සැපයුම් හිඟය නිසා සිදු වූ හානිය වේගවත් විය.